Posts

Welcome to Canada- Part 1

Image
The plane lands, and everything feels real in a quiet way.You walk through the airport, holding your documents a little tighter than usual. You hear different accents, see unfamiliar signs, and notice how everything seems organized but still new. There is no big moment that says “you made it.” It is more like a slow realization. This is the beginning. Your first 24 hours in Canada are not about achieving anything big. They are about settling in, understanding your surroundings, and giving yourself space to adjust. Many people feel pressure to do everything quickly, but the truth is, the first day is about simple steps. Let’s walk through it together. At the Airport After you land, you will go through immigration and customs. This part can feel a little stressful, especially if it is your first time. Officers may ask: Why are you coming to Canada Where you will stay How long you plan to stay Answer clearly and calmly. Keep your documents ready and organized. There is no need to...

Growing Up Feeling Small

Image
Let us talk about something that is not spoken about enough. Humiliation trauma. It is quiet, but it goes very deep. It happens when someone who was supposed to protect you chooses to hurt you instead. They made you feel small and unimportant. Not by mistake. On purpose. These experiences do not disappear with time. They stay in the body and mind much longer than people realize. Humiliation trauma is not just one embarrassing moment. It is a "repeated pattern'. It happens when a parent or caregiver uses their power to slowly damage a child’s sense of self. They laugh when the child speaks. They mock them when they try. They make them feel stupid in front of others. They dismiss the child's feelings. They treat the child as if the child were less important than others. Over time, the child no longer feels safe being themselves. Without noticing, they begin to "shrink". Inside, this kind of trauma causes deep pain. It creates a heavy feeling of hopelessness. ...

අජියෝ උඹ නම්...

Image
අපේ පළමු හමුවීම අසූ හතරේ ජනවාරියේ දවසක, කතළුවේ ඉස්කොලේ දේශනශාලාවේ මැද හැදෙමින් තිබුණූ 6-සී පන්තියේ ඩෙස්ක් පුටු පේලි අස්සේ නම ගැසූ මගේ පුටුව හොයාගෙන යත්දි උඹ මට මුලින්ම හම්බවුනේ. "අඩේ මටත් මේ වගේ නම ගහගත්ත නම් මරු බං" එකිනෙකා අප කවුරුන්දැයි තවමත් නොදනින පැයක, උඹ මාත් එක්ක කතාව පටන්ගත් හැටි තාම මතකයි, මතකයි නොවෙයි අජියෝ, මට මේ දැනුත් ඇහෙනවා. පුටුවලින් පටන්ගත් යාළුකම මතකද, හයේ පන්තියට එන්දි අපට පුටු ගේන්න වුනා අපේ ගෙවල් වලින්, අපි සමහරු ඒ පුටු වල නම් ගහල තිබුණා, ගුණයගේ පුටුවේ තමයි ලස්සනටම "ගුණරත්න" කියල කළු අකුරින් නම ගහල තිබුණේ, මගේ පුටුවෙත්, තාත්ත ම‍ගේ නම කෙටියෙන් කොටල තිබුණා පුටු මාරුවෙලා කරදර වේවි කියල හිතල. හැබැයි උඹේ පුටුවේ කිසිම නමක් සළකුණක් තිබුණේ නෑ, එදත් උඹ ඒ තරම් අහිංසක, විවෘත අපූරු කොළු ගැටයෙක් වුනා. එදා ඒ හමුවීම, හත-සී, අට-සී, නමය-සී කියාගෙන් සාපෙළ දක්වා යත්දි, උඹ මගේ හොඳම මිත්‍රයෙක් වුනා. අපි කතා කළා, සෙල්ලම් කළා, උඹට මතකද, මගේ ඩෙස්ක් එකට දකුණූ පැත්තෙන් වාඩිවෙන උඹ හැමදාම මාත් එක්ක හෑන්ඩ් ෆයිට් කළා, දවසක් අතේ රටා හිටින්න කොනිච්චලා, "උඹට ...

තමන්ටම මන්තර(කාරයෙක්) හදාගන්න

Image
එහෙම නම්, සති දොළහක් තිස්සේ ගෙනා DBT Skills ගැන කතාබහ මෙතැනින් නිමාවෙනවා. මේ ලිපි එ‍කොළහ ඔස්සේ කතා කළේ DBT තුල වැදගත්, නමුත් මූලික සංකල්පයක් වන ඉනර් ක්‍රිටික් සහ ඒ ඔස්සේ සිදුවන හැසි‍රීම ගැන. ඔබ, යම් චිකිත්සීය ක්‍රමයක් ගැන අධ්‍යාපනය ලබන්නට කැමති අයෙක් හෝ ඔබ කැනඩාවේ හෝ වෙනත් රටක සෞඛ්‍යය වෘත්තිකයෙක් නම්, ඔබේ වාර්ෂික Continuing Professional Development වගේ අවශ්‍යතාවයක් සඳහා තෝරා ගැනීම සඳහා හොඳ "‍‍තෝරා ගැනීමක්" වේවි Dialectical Behavior Therapy හෝ එහි ඒකකයන්. ඔබ‍ මේ චිකිත්සීය ක්‍රමය ගැන කියවා ‍ඉගෙන ගන්නට , අත්විඳිමින් රස විඳින්නට කැමති අයෙක් නම්, ඒ සඳහා පොත් ගණනාවක් ඔන්ලයින් හෝ හාඩ් කොපි විදියට ලබා ගන්නට පුළුවන්. ‍එහෙම පොතක් තෝරා ගන්නවා නම් Marsha Linehanගේ පොතකින් බොහෝ දේ ප්‍රායෝගිකව සහ රසවත්ව ලබා ගන්නට පුළුවන්. මේ ක්‍රම දෙකම නැතිව ඔබේ දැනුමට, ජීවිතයට එකතු කරගැනීමට DBT ගැන ස්වයං අධ්‍යයනයක් කරන්නට කැමති අයෙක් නම් ඒ සඳහා උදව් කරගත හැකි වෙබ් අඩවියක් මේ https://dialecticalbehaviortherapy.com/ . මේ තුල ගෙවීම් කිරීමකින් තොරව, අධ්‍යයන කළ හැකි බොහෝ චිකිත්සීය ක්‍රම තිබෙනවා. එහෙම...

තමන්ටම මන්තර(කාරයෙක්) හදාගන්න

Image
Dialectical Behaviour Therapy (DBT) කියන්නේ කොයිතරම් රසවත්, සහ ජීවිතයට එකතු කරගන්නට පුළුවන් “ජීවන කුසලතා” එකතුවක්. ජීවිතේ අභියෝග වලට මුහුණ දීමට මෙන්ම, අභියෝග නොවුනත්, එදානෙදා ජීවිතයේදී සාර්ථකත්වයක් ලබා ගන්නටත් මේ කුසලතාවයන් භාවිත කරන්නට පුළුවන්. ඇත්ත, සමහර විට මේ කුසලතා ගැන මුලින්ම කියවත්දි “ඇත්තටම මේව වැඩකරාවිද” කියන ප්‍රශ්නය එන්න පුළුවන්. නමුත්, නිසි දැනුවත්බව එක්ක, පුහුණුවක් ලබා දෙන, ‘ජීවන කුසලතාවයක්’ ලෙස යොදා ගත්තොත් ඔබටත් මේ ඔස්සේ ජයක් ලබන්නට උදව් වේවි. එහෙම නම්, නිමාවට පෙර ලිපියේ අද අප කතා කරන්නට යන්නේ, මන්තරයක් හදා ගැනීම ගැන. නෑ නෑ අර ඕං රීං කියාගෙන පටන් ගන්න මන්තර නොවෙයි, මේකට කියන්නේ Self-Compassionate Voice එකක් කියල. මතකද අප මේ ලිපි පෙළ තුල කතා කළා , අපේ හිත ඇතුලේ ඉඳගෙන අපට රිද්දන, අපට පහළට දාල, අප ගන්න උත්සාහයට බාධා කරන්න කටයුතු කරන “ක්‍රිටික්” කියන කෙනා ගැන. අන්න ඒ “ක්‍රිටික් යකාව” පාලනය කරන්න තමයි මේ මන්තරේ යොදා ගන්නේ. දැන් මේ මන්තරේ තුලින් කරන්නේ අර පොසිටිව් තිංකිං කියන වැඩේවත්, තමන්ට වැරදුනත්, වැරදුනේ නෑ කියල “බලෙන්” හිතන එකවත් නොවෙයි. මේ මත්නරේදි කරන්නේ, තමන්ගේ...

හිත හදන ABC

Image
එහෙම නම් අපි අද දවසේ කතාවට එමු. මෙතෙක් අප කතා කළානේ අපේ ඉමෝෂන්ස් ගැන , ඒවගේම ඒ ඉමෝෂන් හදුනාගැනීම, නම් කිරීම වගේ කරුණූ. අද කතාවෙන්නෙත් එහිම දිගුවක්. ඒ , අපේ චිත්තවේග අපට යහපත්වන ලෙස පාලනය කරගැනීමට ගත හැකි උපක්‍රම කිහිපයක්.පෙර ලිපි වලදී DBT තුල බොහෝ උපදෙස්, උපක්‍රම කෙටි ක්‍රම වලට හකුලා තිබුණා වගේම මෙම උපක්‍රම ගොන්නත්, කෙටියෙන් හදුන්වනවා. ඒ, ABC PLEASE කියලා. දැන් අපි මේ කෙටි හැඳින්වීම , ගලවා විමසා බලමු. A - Accumulate Positive Emotions ඒ කියන්නේ, සරු, ධනාත්මක චිත්තවේග එකතු කරගන්න කියන එක. මේ වෙනුවෙන් තමයි මං අර පුංචි ප්‍රශ්නයක් ඇහැව්වේ "දවස තුල, ඔබට සතුටක් ලැබෙන හෝ ලැබෙනවායි ඔබ සිතන ක්‍රියාකාරකම් දෙකක්" ලියන්න කියලා. හේතුව මේකයි, අප දවසේ කටයුතු , ජීවන රටාව තුල විවිධ කාර්යයන් කරනවා "පුරුද්දට" ඒ ගැන කිසිදු නැවත විමසීමකින් තොරව. ඒ අතරේ, අපට "සතුට දෙන" කටයුතුත් සිදුවෙනවා, ඒත් එය "සතුට දෙන" ක්‍රියාකාරකමක් බව හදුනානොගනිමින්. හිතන්න, ඔ‍බ ඔබේ දරුවාට උදේට අළුත් රස කෑමක් හදල දෙනවා. දරුවා එය රස කරමින් කරනවා. ඒ තුල ඔබට "ලබා ගත හැකි සතුටක්" ...

එපා කියන වැඩ කරන්න!

Image
අද කතා කරන්නට යන කරුණ සහ ගිය සතියේ කතා කළ කරුණූ අතර යම් සම්බන්ධතාවයක් තිබෙනවා. ඔබට මතක නම් , අප ගිය සතියේ කතා කළා, ඉමෝෂන් චේන් එක, නැත්නම් චිත්තවේග දාමය ගැන. Prompting Event → Interpretation → Emotion → Action Urge → Behavior → Consequences තියෙන්නේ ඒ සම්බන්ධතා දාමය. ඒ ඔස්සේ අප දැන ගත්තා, අපට එන ඉමෝෂන් එකත් එක්ක, ඊළඟට එන්නේ යම් ක්‍රියාත්මක වීමක් සඳහා වන පෙළඹවීම, අප ඒකට කිව්වේ Action urge කියලා. දැන්, ඒ ඇක්ෂන් අර්ජ් එක අනුව අප කරන ක්‍රියාව, වෙනස් කරන චර්යාව ඔස්සේ තමයි අපට සුබ හෝ අසුබ ඵල ලැබෙන්නේ. අද අපි මේ දම්වැලේ වැදගත්ම පුරුක් දෙකට පනිමු, ඒ Emotion → Action Urge → Behavior හිතන්න මෙහෙම අවස්ථාවක්, මං ගන්නම්කෝ මම මේ වෙලාවේ අත්විඳින තත්ත්වයක්ම. හෙට උදේ කවදාවත් නොගිය කන්දක ස්කීං යන්න සූදානම, ‍ලොකු කෙල්ල අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කරල අවසානයි, මට තියෙන්නේ යන්න විතරයි. ඒත්, මගේ හිත මෙහෙම කියනවා "ගිය අවුරුද්දේ කඳු පදින්න ගිහිල්ල කරගත්ත දේ නිසා වින්ද මදිද? තාමත් විඳිනවා නේ, හෙට ඔබ නොදන්න කන්දේ ගිහින් ‍වලකටවත් වැටුනොත්, කොන්ද කඩාගෙන ඉන්නවේවි, එක්තැන් වේවි. උරහිස්ස කඩාගෙන මේ ...