අජියෝ උඹ නම්...
අපේ පළමු හමුවීම අසූ හතරේ ජනවාරියේ දවසක, කතළුවේ ඉස්කොලේ දේශනශාලාවේ මැද හැදෙමින් තිබුණූ 6-සී පන්තියේ ඩෙස්ක් පුටු පේලි අස්සේ නම ගැසූ මගේ පුටුව හොයාගෙන යත්දි උඹ මට මුලින්ම හම්බවුනේ. "අඩේ මටත් මේ වගේ නම ගහගත්ත නම් මරු බං" එකිනෙකා අප කවුරුන්දැයි තවමත් නොදනින පැයක, උඹ මාත් එක්ක කතාව පටන්ගත් හැටි තාම මතකයි, මතකයි නොවෙයි අජියෝ, මට මේ දැනුත් ඇහෙනවා. පුටුවලින් පටන්ගත් යාළුකම මතකද, හයේ පන්තියට එන්දි අපට පුටු ගේන්න වුනා අපේ ගෙවල් වලින්, අපි සමහරු ඒ පුටු වල නම් ගහල තිබුණා, ගුණයගේ පුටුවේ තමයි ලස්සනටම "ගුණරත්න" කියල කළු අකුරින් නම ගහල තිබුණේ, මගේ පුටුවෙත්, තාත්ත මගේ නම කෙටියෙන් කොටල තිබුණා පුටු මාරුවෙලා කරදර වේවි කියල හිතල. හැබැයි උඹේ පුටුවේ කිසිම නමක් සළකුණක් තිබුණේ නෑ, එදත් උඹ ඒ තරම් අහිංසක, විවෘත අපූරු කොළු ගැටයෙක් වුනා. එදා ඒ හමුවීම, හත-සී, අට-සී, නමය-සී කියාගෙන් සාපෙළ දක්වා යත්දි, උඹ මගේ හොඳම මිත්රයෙක් වුනා. අපි කතා කළා, සෙල්ලම් කළා, උඹට මතකද, මගේ ඩෙස්ක් එකට දකුණූ පැත්තෙන් වාඩිවෙන උඹ හැමදාම මාත් එක්ක හෑන්ඩ් ෆයිට් කළා, දවසක් අතේ රටා හිටින්න කොනිච්චලා, "උඹට ...