Posts

Showing posts from June, 2023

ඩිමෙන්ෂියා දැනුම ගනිමු, බෙදාගනිමු: පාසල් සහ අධ්‍යාපන ප්‍රජාව දැනුවත් කිරීම

Image
පාසල් සිසුවෙකු ලෙස, ගුරුවරයෙකු ලෙස හෝ උපකාරක පන්ති (Tuition) ගුරුවරයෙකු ලෙස, ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්‍රිත මානසික සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව පාසල් සහ අධ්‍යාපනික පරිසරය ආශ්‍රිත ප්‍රජාව දැනුවත් කළ හැක්කේ කෙසේදැයි විමසා බලමු. (මෙහි දක්වා ඇත්තේ මූලික අදහස් කිහිපයක් පමණි. ඔබේ පරිසරය, නිර්මාණශීලිත්වය හා අවශ්‍යතාව අනුව මීට වඩා වටිනා ක්‍රමවේද ඔබට ගොඩනගාගත හැක.) 1. සුහද සාකච්ඡාවක් හෝ ඉදිරිපත් කිරීමක් (Classroom Discussions) පාසල් සිසුන්ට: අන්තර්ජාලයෙන්, පිළිගත් සෞඛ්‍ය මූලාශ්‍රවලින් හෝ පොතපතින් ලබාගත් කරුණු විවේක කාලයේදී තම මිතුරු කණ්ඩායම සමඟ "පුංචි කතාබහක්" ලෙස බෙදාහදා ගැනීම. මේ ඔස්සේ තවත් උනන්දුවක් දක්වන මිතුරන් එකතු කරගෙන ඉදිරි පියවර සැලසුම් කළ හැක. ගුරුවරුන්ට: විෂය ඉගැන්වීමෙන් පසු හෝ විවේක කාලයේදී දරුවන් සමඟ සරලව මේ තත්ත්වය ගැන කතා කිරීම. විද්‍යා, සෞඛ්‍ය හෝ ජීව විද්‍යා පාඩමකදී හෝ පාසල් සමිතියකදී තම පවුලේ හෝ ප්‍රජාවේ අත්දැකීම් මුල් කරගනිමින් සංවාදයක් ගොඩනැගීම. 2. සැලසුම් කළ දේශනයක් සංවිධානය කිරීම (Guest Lectures & Seminars) ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ...

ආදරවන්තී

Image
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය සායනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ ධෛර්යය ලබා දීමටයි.) ඇයට අපි ජේන් (Jane) කියමු. වයසින් අවුරුදු හතළිස් නමයක් වන ඇය, මනෝවිද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හිමි, කලකට පෙර ගුරුවරියක් ලෙස තරුණ දරුවන් පිරිසකට අනාගතයට මඟපෙන්වූ, අද වන විට පිළිකාවක අතුරුඵල සමඟ සටන් වදින සිත ශක්තිමත් කාන්තාවකි. පාසල් කාලයේ හමුවූ පෙම්වතා (High School Crush), පසුව සැමියා බවට පත්වූ, අද දවසේ සැමියා මෙන්ම ප්‍රධාන සාත්තු සේවකයාද වන ෂෝන් (Sean) සමඟ සෞඛ්‍ය අභියෝග රැසක් මධ්‍යයේ ජීවත්වන ඉතාම ප්‍රියමනාප, සරල සහ සමාජශීලී කාන්තාවකි. ඇය අප වෙත සම්බන්ධ වන්නේ EOD (Early Onset Dementia - Frontotemporal Dementia / FTD) තත්ත්වය සමඟ ජීවත්වන සේවාලාභිණියක ලෙස සතිපතා චිකිත්සීය උපකාර ලබාගැනීමටයි. EOD තත්ත්වය තිබුණද තවමත් කතාබහ කිරීමට සහ තීරණ ගැනීමට මනා හැකියාවක් ඇති ඇය, නවීනතම ඉලෙක්ට්‍රොනික රෝද පුටුවකින් ගමේ බස් රථයෙන් අපේ වැඩසට...

Reminiscence Therapy: ස්මරණ චිකිත්සාව

Image
(මුලින්ම කිව යුතුයි "ස්මරණ චිකිත්සාව" යන සිංහල පදය යෙදුවේ මට හැඟෙන ආකාරයටයි. මෙයට මීට වඩා ගැළපෙන හඳුන්වාදීමක් ඇත්නම් සාදරයෙන් පිළිගනිමි.) Reminiscence Therapy හෙවත් Life Review Therapy යනු අද දවසේ මනෝචිකිත්සක සහ වැඩිහිටි සාත්තු සත්කාරක පරිසරය තුළ ඉතාමත් සාර්ථකව මෙන්ම බහුලව භාවිත වන අපූරු චිකිත්සීය ප්‍රතිකාර ක්‍රමයකි. මෙම චිකිත්සාව තුළදී පුද්ගලයෙකුගේ මතකය තුළ තැන්පත්ව ඇති අත්දැකීම්, විඳීම් සහ සංවේදන නැවත මතු කරමින්, සැලසුම් සහගත කාලයක් තුළ එම "අතීත සුවඳ" තුළ ජීවත් කරවමින් ප්‍රතිකාරාත්මක සහනයක් ලබා දේ. ප්‍රතිලාභ ලබන ප්‍රජාව: ඩිමෙන්ෂියාව සහ සංජානන දුර්වලතා සහිත පුද්ගලයන්, මානසික පීඩනය, විශාදය (Depression) සහ ආතතිය සමඟ ජීවත්වන අය මෙන්ම නිරෝගී වැඩිහිටියන්ගේ මානසික ප්‍රබෝධය (Wellbeing) සඳහාද මෙය ඉතා ප්‍රයෝජනවත් වේ. ක්‍රියාත්මක කරන වෘත්තිකයන්: Recreational Therapists, Occupational Therapists, සායනික මනෝවිද්‍යාඥයින් සහ මනෝචිකිත්සකයින්. ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අපගේ සායනික පරිසරය තුළ සෑම දිනකම අවම වශයෙන් පැයක කාලයක් මෙම ස්මරණ චිකිත්සාව සඳහා වෙන් කරනු ලැබේ. Remin...

I felt like myself again

Image
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය සායනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ ධෛර්යය ලබා දීමටයි.) අඟහරුවාදා දිනය අපේ "මධ්‍යස්ථ සිට උග්‍ර ඩිමෙන්ෂියා" තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන් වෙනුවෙන් වෙන්වූ විශේෂ දිනයකි. විවිධ සංජානන මට්ටම් සහ චර්යාත්මක වෙනස්කම් සහිත මේ කණ්ඩායම පැය හයක් පුරා රැකබලා ගනිමින් චිකිත්සාවන් මෙහෙයවීමට මා සහ මගේ සහයක මිතුරියට අමතරව ස්වේච්ඡා සේවකයෙකුගේ (Volunteer) සහාය අත්‍යවශ්‍ය වේ. නමුත් එදින අපට ස්වේච්ඡා සහාය නොමැතිව කටයුතු කිරීමට සිදුවිය. එදින මාසිකව අප වෙත පැමිණෙන විශ්‍රාමික පාසල් ගුරුවරියක මෙන්ම සුදුසුකම්ලත් Art Therapist වරියක වන මේරි (Mary) අපේ සේවාලාභීන් සමඟ එක්ව අපූරු ඇබ්ස්ට්‍රැක්ට් චිත්‍ර (Abstract Art) වැඩසටහනක් මෙහෙයවූවාය. චිත්‍ර ඇඳීම සරල වුවද, එම නිර්මාණ නිසි ප්‍රමාණයට කපා, වර්ණවලට ගැළපෙන කාඩ්පත්වල අලවා සකස් කිරීමේ පසු සැකසුම (Post-processing & Framing) තරමක් සංකීර්ණ කටයුත්තකි. ...