Posts

Showing posts from October, 2026

උපදේශනයේ කප් සයිස් එක

Image
“අනේ අයියා, ඊට පස්සේ එයා මහ කරදරයක් වුණානේ. මට කවුන්සලින් කරනවාට වඩා සිද්ධ වුණේ එයාගේ විකාර කතා අහගෙන ඉන්න. අන්තිමට මගේ ඇඳුම් ගැන, කප් සයිස් ගැනයි, තව තවත් වැඩකට නැති දේවල් අහන්න පටන් ගත්තා.“ තමන් විඳි මානසික පිඩාවකට උපකාරයක් වෙනුවෙන් “මනෝ උපදේශණය” ගන්නට උත්සාහ කළ ඇයට වුනු අකරතැබ්බය මා සමඟ බෙදා ගත්තේ, මෙවන් අවස්ථා ගැන අපේ අනෙක් මිතුරන්ද දැනුවත් කරන්නැයි ඉල්ලීමක් කරමින්. අපේ ෆේස්බුක් ගෲප් තුල දැනටත් රැඳී ඉන්න, මේ වෙත්දී විදේශ රටක ජීවත්වන, අපේම මිතුරියන් දෙදෙනෙක්ගේ අත්දැකීම් ඔස්සේ, මේ කරන කරුණූ පැහැදිලි කිරීමේ අරමුණ, මනෝ උපදේශණ ක්ෂේත්රය ගැන අනවශ්ය බියක් ඇති කිරීම නම් නොවේ. ඒ වෙනුවට, තමන්ගේ සෞඛ්යය අවශ්යතා වෙනුවෙන් කරන තෝරා ගැනීම් වලදී විය යුතු දැනුවත් වීම් ගැන යම් උනන්දුවක් ඇති කිරීම විතරමයි මේ ලිපියේ අරමුණ වන්නේ. ඒ නිසා, ඔබට අවශ්ය නම්, කැමති නම් පමණක් කියවන්න. පළමු සිදුවීම: උපදේශනය වෙනුවට වීසා ඉල්ලීම මේ කතාබහ සිදුවන්නේ, ලංකාවෙන් පිට අධ්යාපන කටයුත්තක් වෙනුවෙන් රැඳී ඉන්න, අපේ ගෲප් එකකට සාමාජිකාවකගෙන්. ඒ මීට වසරකට විතර පෙර. කතාවේ මැද හරිය මෙන්න මෙහෙම සිදුවෙන්නේ, “ඊට පස්සේ අය්ය...