Posts

Showing posts from December, 2022

වැස්ක්යුලර් ඩිමෙන්ෂියාව VaD

Image
අද කතාව නම් ඇත්තටම කෙටියි, මොකද මේ ඩිමෙන්ෂියා තත්ත්වයේදීත් පෙර කී සාධක බොහොමයක් පොදුයි. කෙසේ වෙතත්, අද මේ කතාවට මාතෘකා කරගන්න මගේ සේවාලාභියා තුල VaD සඳහා පොදු ලක්ෂණ කිහිපයක් තිබුණා. ඇය අනීටා, අනෙක් සේවාලාභීන් සමඟ සැසඳුවාම වයසින් තරමක් අඩු වියැති කෙනෙක්. "අපි මෙහෙම තත්ත්වයක් මෙයාට තියෙනව කියල දැන ගන්නේ අවුරුදු හැටේ බර්ත්ඩේ එකට තිබුණූ උත්සවේට ආපු අපේ ලොකු පුතා නිසා. එදා උපන්දිනේ උත්සවේ දවසේ මෙයාගේ කතාව හරි අමුතුයි කියල, චෙකප් එකක් කරමු කියල ලොකු පුතා යෝජනා කළා, එතැනදි තමයි මුල්ම සැකේ ආවේ" දවසක්, අනීටගේ මහත්තයා, Life story පෝරමය පුරවන අතරේ කීවා. TIA සහ හඳුනාගැනීම පසුව කළ විමසීම් වලදි දැන ගන්නට ලැබුණා, ඇයට අවස්ථා කිහිපයක TIA එහෙම නැත්නම් Transient Ischemic Attack කියන පැය කිහිපයක් පවතින පොඩි ස්ට්රෝක් එකක් වගේ තත්වයන් අවස්ථා දෙක තුනකදි ඇති වෙලා තිබුණා. "අපි ඒවට බෙහෙත් ගන්න ගමන් හිටියේ, ඔය කෝවිඩ් ආපු අවුරුද්දේ මෙයාට මෙක්සිකෝ යන්න ඕන කියලා, ගිය ගමනෙදි තමයි මේ ස්ට්රෝක් එක ආවේ" අනීටගේ මහත්තයා ඇගේ අත අල්ලගෙනම කියවගෙන ගියා. අනීටා කට පැත්තකට ඇද වෙන්න පුංචි හිනාවක් ද...

ඇල්සයිමර් ඩිමෙන්ෂියාව AD

Image
මේ තමයි ඩිමෙන්ෂීයා අතර වැඩියෙන්ම හමුවන, එක්තරා විදියක "ඩිමෙන්ෂීයා" කිව්ව ගමන් ඒ තත්ත්වයන් නියෝජනය කරන පොදු සාධකය වගේ තත්ත්වය. රට, සහ අනුව යම් වෙනස්කම් තිබුණත්, සියළුම ඩිමෙන්ෂියා වර්ග අතරින් 60-80%ක් විතර දකින්න ලැබෙන්නේ මෙම තත්ත්වය. නමුත් සමහර වෙලාවට මෙය , තවත් ඩිමෙන්ෂියා වර්ගයක් සමඟ එකතු වෙලා මිශ්ර ඩිමෙන්ෂියාවක් ලෙස මතුවන අවස්ථාත් බහුලයි. ඇල්සයිමර් තත්ත්වය බහුලව දකින්න ලැබෙන්නේ තරමක් වියපත්, ඒ කියන්නේ වයස අවුරුදු 65ට වැඩි අයට කියල පොදුවේ කියන්න පුළුවන්, සහ එතැනින් එහාට වයස 70, 80 වගේ වෙත්දි ඇල්සයිමර් හඳුනාගන්නා ප්රමාණය වැඩි වන බව හඳුනාගන්නත් පුළුවන්. මූඩ් එක වෙනස් වීම හා මුල්ම සැකය මේ තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයන්, රෝග විනිශ්චය සදහා යොමු වෙන්නේ බොහෝ වෙලාවට ඒ අයගේ මූඩ් එක වෙනස් වීම , පවුලේ කෙනෙක් හඳුනාගැනීමත් සමඟ. වෙනද බොහොම ප්රියමනාපව හිටි අම්මා, එහෙම නැත්නම් තාත්ත "දැන් දැන් ඔහේ බලාගත්තු අත බලාගෙනෙ ඉන්නවා, වෙනදට වඩා තරහ යනවා " කියන වාක්යය අපට හුඟක් අහන්න ලැබෙනවා. හැම තිස්සේම කනස්සලෙන් නිසා ඒ ගැන කතා කරන්න ගියාම, වෛද්යවරයා "මුල්ම සැකය" ඇති කර පරික...

රත්තරං

Image
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.) මේ සිදුවීම වුනේ කෝවිඩ් අවදානම ටිකක් අඩුවෙමින් ගිය ආරම්භයේ, දිනේ "දින සටහනේ" තිබෙන විදියටම කිව්වොත් ජුනි 21 අඟහරුවාදා 2022. අළුත්ම සේවාලාභියෙක් සමඟ මුල්ම හමුවීමටයි යන්න තියෙන්නේ. සේවාලාභීන්ගේ තොරතුරු තිබෙන පරිගණක වැඩසටහනට ඇතුළු වුනා. සේවාලාභියා මොරොස් මහත්මිය, වයස අවුරුදු 58යි, සැමියා සමඟ ජීවත් වන්නේ. කාළයක් තිස්සේ අධීරුධීර පීඩනයෙන් පෙළිල තියෙනවා, රෝග විනිශ්චය Mixed Dementia/PCA? , අතිරේක කරුණූ වල තිබෙනවා MRI කර ඇති බව සහ තව දුරටත් ඒ ගැන සෙවීම් කරන බවත් විස්තර ටික ඔළුවට දාගෙන, මොරොස් පවුලේ නෝනයි මහත්තයයි හමුවෙන්න, ගියා උදේ දහය වෙත්දි. කෝවිඩ් අඩුවෙමින් තිබුණත් ආයතනික නීති අනුව සියළු ආරක්ෂක ඇඟළුම් දාගෙන යන්න වුනා. නිවසේ දොර සීනුව නාද කළා. "මේ ... මේ මයික් වෙන්න ඕන" එළීයට ආව මොරෝස් මහත්තයා තිගැස්මක් එක්කම මුසු වුනු හිනාවකුත් දාගෙනම ඇහැව්වා. ...

හිනා හිනා

Image
“නොබැඳුනු මනසක විත්ති” විශේෂාංගය, එහෙම නැත්නම් මේ ලිපි පෙළ හරහා, මගේ වෘත්තීය පරිසරය තුළ දිනපතා අත්විඳින, සමහරවිට ඔබ බොහෝ දෙනෙක් නොදකින හෝ නොවිඳින වෙනස් අත්දැකීම් කිහිපයක් ඔබත් එක්ක බෙදාගන්න මම උත්සාහ කරනවා. “ටික්... ටික්... ටික්...” මගේ සේවා ආයතනයේ ජංගම දුරකථනයට පණිවිඩයක් එනවා. අද ආයතනික වශයෙන් නිවාඩු දවසක් වුණත්, හදිසි අවශ්යතාවයකදී ප්රතිචාර දක්වන්න අපි සූදානම්ව සිටිය යුතු නිසා, මේ දුරකථනයට නම් නිවාඩුවක් කියලා දෙයක් නැති තරම්. බලමු මොකක්ද ප්රශ්නය කියලා. “සුබ සන්ධ්යාවක් වේවා. මට පොඩි දෙයක් කියන්න තියෙනවා. දැන්ම උත්තරයක් ඕන නැහැ.” හුරුපුරුදු අංකයකින් පණිවිඩයක්. එකෙන් නවතින්නේ නැහැ. තව මොනවා හරි ටයිප් කරන බව පේනවා. “දවස් කීපයක් තිස්සේ නැන්සිගේ වෙනසක් දකිනවා. මට මේක ඩොක්ටර්ට කියන්න ඕන දෙයක්ද, නැද්ද කියලා හිතාගන්න බැරිව ඉන්නේ.” මගේ සේවාලාභියාගේ සැමියා වන කීත් පණිවිඩය එවලා තිබුණා. තවත් මොනවාදෝ ටයිප් කරන බව පේනවා. මට වෙන්නේ දවසම බලාගෙන ඉන්න එක. ඒ නිසා මම පණිවිඩයක් යැව්වා. “කීත්, මම දැන් විවේකයෙන් ඉන්නේ. ඕන නම් කතා කරන්න. අපි බලමු මොකක්ද ප්රශ්නය කියලා.” තත්පර කිහ...

Young Onset Dementia (YOD) - ඩිමෙන්ෂියා හඳුන්වාදීම

Image
ඩිමෙන්ෂියා තත්ත්වයක් කියන්නේ වයසට ගිය අයට විතරක් ඇතිවෙන තත්ත්වයක් කියලා අපි හිතනවා නම්, ඒ අදහස ටිකක් වෙනස් කරගන්න වෙයි. ඩිමෙන්ෂියා තත්ත්වයන් ඕනෑම වයසකදී මතුවිය හැකියි. අපි බහුලව මේ තත්ත්වය හඳුනාගන්නේ වියපත් පුද්ගලයන් අතර වුණත්, තරුණ සහ මැදිවියේ පුද්ගලයන් අතරත්, ඇතැම් අවස්ථාවලදී කුඩා වයස් කාණ්ඩවලදීත් ඩිමෙන්ෂියා ආශ්රිත තත්ත්වයන් හඳුනාගන්නට පුළුවන්. වයස අනුව ඩිමෙන්ෂියා වර්ගීකරණය කරන විට, වයස අවුරුදු 65ට පෙර ආරම්භ වන ඩිමෙන්ෂියා තත්ත්වයන් Young Onset Dementia (YOD) ලෙස හඳුන්වනවා. වයස අවුරුදු 18ත් 64ත් අතර ඕනෑම අවස්ථාවක මෙය මතුවිය හැකි වුවත්, ප්රායෝගිකව වයස අවුරුදු 40න් පසුව මෙවැනි තත්ත්වයන් හඳුනාගැනීම වැඩි බව අපට දකින්නට ලැබෙනවා. YOD ඇතිවීමට බලපාන රෝග තත්ත්ව ගණනාවක් දැනට හඳුනාගෙන තිබෙනවා. ඒ අතර Frontotemporal Dementia (FTD), Alzheimer’s disease, Lewy Body Dementia වැනි අපි තරමක් හුරුපුරුදු තත්ත්වයන් වගේම, Posterior Cortical Atrophy සහ Progressive Supranuclear Palsy වැනි එතරම් ප්රසිද්ධ නොවන මොළය හා ස්නායු පද්ධතිය ආශ්රිත තත්ත්වයන්ද තිබෙනවා. කෙසේ වෙතත්, YOD තත්ත්වයට පත්වන සෑම කෙන...