Posts

Showing posts from March, 2023

ඩිමෙන්ෂියාව සහ මුත්‍රා ආසාදන (UTI)

Image
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුලින් මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදා ගනිමින් දැනුවත් කිරීමයි මගේ අරමුණයි.) මතක විදියට ඒ 2022 සැප්තැම්බරයේ දවසක්. මේ ප්රදේශවල තිබුණු කොවිඩ් තත්ත්වය නිසාවෙන් කණ්ඩායම් චිකිත්සාවන් (Group Sessions) ලබා දෙන අපේ සායන සියල්ල, Virtual Sessions බවට පත් කර තිබුණු කාලය. වෙලාව හවස දෙක, ඒ කියන්නේ මගේ ඊළඟ සේවාදායකයා වන (අපි කියමු ඩොනල්ඩ් කියල) ඩොන්ව, අන්තර්ජාලය ඔස්සේ හමුවිය යුතු වෙලාව. ඩොන් කියන්නේ, බ්රිතාන්ය රාජකීය ගුවන් හමුදාවේ (RAF) සේවය කර, අද වෙත්දි කැනඩාවේ පුරවැසියෙක් ලෙස ජීවත්වන අවුරුදු අසූඅටක් වන කොයිවෙලාවෙත් මුහුණේ හිනාවක් රඳවා ගත් අපූරු සුන්දර මනුස්සයෙක්. ඔහු ජීවත් වුනේ තම වියපත් බිරින්දෑ එක්කම වෙනම කුඩා නිවසක. දැනට වසර හතරක් පමණ තිස්සේ ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන ඩොන්, වරින්වර මතු කරන "හමුදා චර්යාවන්" නිසා සහ දෙමාපියන්ට අවශ්ය නිදහස ලබා දීම සඳහා ඔවුන්ගේම නිවසේ රැඳුනත්, අවශ්ය රැකවරණය, ආහාරපාන ලබා දීම ඇතුළු වගකීම් කළේ, අසල්වැසි නිවස...

පිංතූර පොත

Image
ඩිමෙන්ෂියාව හෝ ඊට ආසන්න මතකය දුර්වල වීමේ තත්ත්වයක් සමඟ ජීවත්වන අයෙකුගේ සතුට, ක්රියාකාරීත්වය, මානසික සහ බුද්ධිමය හැකියාවන් පවත්වා ගැනීමට හෝ දුර්වල වීමේ වේගය සීමා කරගැනීමට වගේම, දවසේ කටයුතු වලදී ඇතිවන පීඩාකාරී, අපහසුකාරී තත්ත්වයන් මඟහරවා සතුටුදායක, මතකයන් අළුත් කරවන හොඳ ක්රියාකාරකමක් තමයි "පිංතූර පොත" (Photo Album) සමඟ එක්වන්නට සහ ඒ ඔස්සේ පවුලේ අය සමඟ කතාබහ කරන්නට අවස්ථාව ලබා දීම. පිංතූර ඇල්බමයක් සාර්ථකව සූදානම් කරගන්නේ කෙසේද? කාලනුක්‍රමික පිළිවෙල (Chronological Order): පිංතූර ලබා ගත් දිනය හෝ අදාල සිදුවීමේ දිනයට අදාලව, දින පිළිවෙලකට හෝ වෙනත් යම් තේරුම්ගත හැකි "පිළිවෙලකට" සංවිධානය කර තිබීම. විස්තර සටහන් කිරීම: හැම පිංතූරයක් සමඟම අදාල සිදුවීම ගැන කෙටි සටහනක්, දිනය, පිංතූරය තුල සිටින්නේ කවුරුන්ද යන්න (නම් හෝ අදාල පුද්ගලයා භාවිත කරන හුරුපුරුදු ආමන්ත්රණයන්ට අනුව), සහ සිදුවීමේ ස්ථානය පැහැදිලිව සටහන්ව තිබීම. වේදනාකාරී මතක ඉවත් කිරීම: මෙම පිංතූර පොත පරිහරණය කරන පුද්ගලයාට "පීඩා විය හැකි" සහ අප්රසන්න මතකයන් අළුත් විය හැකි පිංතූර ඉවත් කර සූදානම් කිරීම. අවධානය බ...

නැන්දම්ම දිහා මෙහෙමත් බලමුද?

Image
මහාභාරතය, ග්රීක , ස්කැන්ඩිනේවියානු පුරාවෘත්ත වල සිට, කෘතිම බුද්ධිය සමඟ තරඟ කරන අද දවසට දක්වාම මිනිස් සමාජය තුල පවතින බව පොදුවේ හඳුනාගන්නා විරසකයක් තමයි නැන්දම්මා-ලේලි ගැටුම. විටක එය පවුල් විරසක වන පුපුරා යන ගැටුමක් වෙත්දි , තවත් තැනකදි හීන් සැරයෙන් විඳෙව්වත්, ලොකු ගැටුම් ඇති නොවන ලෙස පවත්වා ගන්නටත් පුළුවන් වෙනවා. තවත් අවස්ථාවක, ගැටුම් නැති නැන්දම්ම-ලේලි බැඳීම්තුත් නැතිවා නොවේ. කොහොම වුනත්, මේ නැන්දම්ම-ලේලි ගැටුම ගැන කතා කරන්න සමාජ, මනෝවිද්යාත්මක වගේ පැති ගණනාවක් තිබෙන නිසා සංකීර්ණව ඒ තුලට නොගියත්, පොදුවේ හේතුවිය හැකි කරුණු කිහිපයක් ගැන කතා කරල, එතැනින් පස්සේ, අප හුඟ දෙනෙක් නොහිතන, එහෙම නැත්නම් හිතන්නට , අවධානය යොමු කරන්නට අවශ්ය දැනුම අඩු, තවත් සංකීර්ණ ගැටළුවක් ගැන විස්තරාත්මකව කතා කරන්නත් උත්සාහ කරනවා මේ ලිපිය තුල. විරසකේ ඇරඹුම මුලින්ම අපි දන්න තැනින් පටන් ගනිමු. සමාජය තුල දකින්න ලැබෙන පොදු , නැන්දම්ම-ලේලි ගැටුම් සඳහා හේතුවන සාධක අතරේ, දෙපාර්ශවය අතරේ ඇති අපේක්ෂාවන්/ඒකාකෘතියන්, සීමාවන් බිඳීම් හෝ සීමාවට ඇතුළු වීම්, අවධානය පවත්වා ගැනීම හෝ හිමිකරගැනීම වෙනුවෙන් , තවත් අවස්ථාවකදි වගකීම...

ඩිමෙන්ෂියා සහ Art Therapy

Image
ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන පුද්ගලයින් සඳහා ක්රියාකාරකමක් වගේම ඒ අයගේ හැඟීම් නිදහස් කරගැනීමට හොඳ මාධ්යයක් තමයි චිත්ර. වර්ණ, තීන්ත වල ස්වභාවය, පින්සල කැන්වසය මත ගමන් කරවීම තුල මෙම තත්ත්වය සමඟ ජීවත් වන අයෙක්ට ලබා ගත හැකි වාසි ගණනාවක් තිබෙනවා. Art Therapy මඟින් ලැබෙන ප්‍රධාන වාසි Emotional Expression (හැඟීම් ප්‍රකාශනය): විශේෂයෙන්ම වචනයෙන්, එහෙම නැත්නම් සමාජය "බාර ගන්නා" ආකාරයට තම හැඟිම් එළියට දාගන්නට අපහසු, එහෙමත් නැත්නම් තමන්ට දැනෙන හැඟීම් වචන කරන්නට හැකියාවක් නැති තත්ත්වයේ සිටින අයෙක්ට මෙම ක්රියාකාරකම් තුලින් තමන්ට දැනෙන දේ වර්ණ සහ රේඛා තුලින් ඉදිරිපත් කරන්නට පුළුවන්. දුක, සතුට, වේදනාව වගේම අතීත අත්දැකීම් පවා මේ ක්රමයට එළියට ගෙන එන්නටත් , ඒ ඔස්සේ සතුටක් වගේම නිදහසක් ලබා දෙන්නටත් හැකියාව ලැබෙනවා. (කෙසේ වෙතත්, ක්රියාකාරකම් තෝරා ගැනීමේදි පුද්ගලයාට අනුව සැලකිලිමත් විය යුතු වෙනවා.) Cognitive Stimulation (බුද්ධිමය උත්තේජනය): චිත්ර, වර්ණ, හැඩතල "තෝරා ගැනීමට" දරන උත්සාහය, ගැලපීමට ගන්නා උත්සාහය තුල අදාල පුද්ගලයන්ගේ බුද්ධිමය හැකියාවන් වලට යහපත් බලපෑමක් කළ හැකි බව හඳුනාගන්න...

"ව්‍යාජ ඩිමෙන්ෂියාව" - Pseudo Dementia

Image
"අර වෙදමාත්තයා මගේ අප්පොචිචිගේ ඩිමෙන්ෂියාව හොඳ කළා" කියල කියන අවස්ථා වලදි ඇත්තටම සිදුවෙන්නේ මේ කතා කරන්න හදන, Pseudo Dementia තත්ත්වයක සුව කිරීමක්. ඒ සුව කරල තියෙන්නේ "ඇත්තම ඩිමෙන්ෂියාව" නොවෙයි. ඩිමෙන්ෂියාව වගේ ලක්ෂණ ඇති කරන වෙනත් රෝග තත්ත්වයක්. මෙම අවස්ථාව තවත් රෝග ගණනාවක් එක්ක මතු වෙන්නට පුළුවන් වුනත් විශාදය (Depression) සමඟ මතුවන අවස්ථා අපට බහුලව දකින්නට ලැබිලා තිබෙනවා. කෙටි කාලීන මතකය නැතිව යාම (ඒ සමඟම දිගු කාලීන මතකයත් අඩුවීම මෙතැනදි ඇති වෙනසක්), තීරණ ගැනීමට නොහැකි වීම, දවසේ වැඩකටයුතු කරගන්නට බැරිවීම, කතා කරන්නට වචන නැති වීම වගේ, ඩිමෙන්ෂියාවේ දැකිය හැකි පොදු ලක්ෂණ සියල්ලක්ම වගේ මෙතැනදීත් ඇති වෙනවා. ටික කලක් මේ තත්ත්වයත් එක්ක ජීවත්වන එම පුද්ගලයා, කෑම බීම සඳහා ඇති කැමැත්ත අඩුවීම, පිරිසිදු කිරීම් වලට අකමැතිවීම, බිඳ වැටුනු පෞරුෂත්වය, ඉන්නා තැන, කළ යුතුදේ ගැන අදහසක් නොමැති නිසා අනතුරු වගේම වෙනත් ගැටළු වලට පත්වීම... යනාදී වශයෙන් "නියම ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන්නෙක්" ලෙසටම හඳුනාගැනීමට ඉඩ තිබෙනවා. නමුත්, මේ ලක්ෂණ ඇති වීමට හේතුවන ඇත්තම තත්ත්වය ඩිම...