Posts

Showing posts from October, 2022

Dementia 101 - ඩිමෙන්ෂියාව හඳුන්වාදීම

Image
අපි ඩිමෙන්ෂියා ගැන කොතරම් දන්නවාද? ඩිමෙන්ෂියා ගැන සරළව, දැන ගත යුතුම තොරතුරු කතා බහ කරන්නට ඉස්සර වෙලා, අපි, දැනට අපි මේ ගැන දන්නා දේ ටිකක් හොයල බලමුද? ඔව්, සමහර විට අපි මේ ගැන කිසිම දෙයක් දන්නේ නැතිව ඇති, සමහර විට ටිකක් දන්නවත් ඇති. සමහර කෙනෙක්, ඒ ගැන හොයන්න කැමැත්තෙන් ඇති. මේ හැමෝටම හරියන්නත් එක්ක, ගමනට ආරම්භයත් එක්ක, මෙන්න මේ ප්රශ්න පත්තරේට උත්තර හොයමුද? කැමති නම් උත්තර ටික කොමෙන්ට් කරන්න, නැත්නම් ඔබම සටහන් කරගන්න. වැරදුනා කියල පන්තියෙන් එළීයට යන්නේ නෑ, කවුරුවත් ඔබව මනින්නෙත් නෑ, මේක අපේ තැන, අපි එකතු වෙලා අත්දැකීම දැනුම බෙදාගනිමු. මෙන්න ප්රශ්න පත්තරේ මෙන්න ප්රශ්න පත්තරේ, හරි ලේසියි උත්තර දෙන්න. පහත වගන්ති කියවලා නිවැරදියි (True) හෝ වැරදියි (False) ලකුණූ කළාම ඇති. (බලන්න එතැනත් 50%ක් හරියන්න පුළුවන්නේ 😃) අද දවසේ දියුණූ වෛද්ය ප්රතිකාර ඔස්සේ ඩිමෙන්ෂියාව සුව කළ හැක. ඩිමෙන්ෂියා යනු තනි රෝග තත්ත්වයක් නොවන, ලක්ෂණ ගණනාවක එකතුවකි. ඩිමෙන්ෂියාව, මානසික රෝගයකි. ඇල්සයිමර් රෝගය, කාන්තාවන්ට පමණක් ඇති වේ. ඩිමෙන්ෂියාව සමඟ ජීවත් වන්නෙකු, මානසික අවපීඩනයේ ලක්ෂණ පෙන්විය හැක. ...

ඩිමෙන්ෂියාව සහ SL Dementia

Image
ඩිමෙන්ෂියාව ඩිමෙන්ෂියාව කියන්නේ, මොළයේ සෛල අතර සම්බන්ධතා දුර්වල වෙමින්, බිඳ වැටෙමින් හානිවී යාම නිසා, අදාල පුද්ගලයාගේ මතකය, චර්යාව වගේම තීරණ ගැනීමේ හැකියාව සහ එදිනෙදා කටයුතු පවා අපහසුතාවයට පත්වන තත්ත්වයක්. තනි රෝග තත්ත්වයකට වඩා, ලක්ෂණ විශාල ප්රමාණයක් මතු කරන තත්ත්වයන් ගණනාවක් එකතුවක් ලෙසයි අද දවස වෙත්දි වෛද්ය විද්යාව තුල "ඩිමෙන්ෂියාව" දකින්නේ. වියපත් ප්රජාව අතරේ හඳුනාගැනීමට වැඩි අවස්ථාවක් තිබුණත්, එය එතැනින් සීමාවන්නේ නැහැ. එහි අවස්ථා අනුව විවිධ වයස් සීමාවලදී මෙම තත්ත්වය ඇතිවන්නට පුළුවන්. වියපත් ප්රජාව තුල බහුලව හඳුනාගත හැකි වුවත්, මෙය "සාමාන්ය වියපත් වීමේ කොටසක්" ලෙස හඳුනාගන්නේ නැහැ. ඩිමෙන්ෂියාව සහ ලංකාව බටහිර රටවල බහුලව ඇති බව සංඛ්යා ලේඛණමය වශයෙන් හඳුනාගත්තත්, ශ්රී ලංකාව තුලද මෙම තත්ත්වය හඳුනාගන්නට පුළුවන්. එමෙන්ම "නාමිකව හඳුනාගැනීමක්" නොකර, සමාජය තුල නොහඳුනාගත් "වියපත් පුද්ගලයන්" ලෙස මෙම තත්ත්වයෙන් පීඩා විඳින සෑහෙන පිරිසක් සිටින්නට පුළුවන්. ඒ, මෙම තත්ත්වය පිළිබඳව සමාජයීය වශයෙන් ඇති දැනුම අඩුකම, සංඛ්යාලේඛනමය දත්ත වල ඇති අසම්පුර්ණ ...