මතක මීදුම සහ ඩිමෙන්ෂියාව
"අනේ මන්දා, මට දැන් එකපාරට අමතක වෙනවා. සමහර වෙලාවට නිකං confuse වෙලා වගේ මට දැනගත්තත් කියන්න ඕන දේ හිතාගන්න බැරිව හිරවෙනවා. කල්පනාවත් අඩුද මන්දා... මේ දැන් මෙතැනට එන්න ආපු ගමනේ මට අමතක වෙලා හරවන්නේ නැතිව ඉස්සරහටම ගියානේ. ඉස්කෝලේ ගාවදි මතක් වුනේ යන්නේ කොහෙද කියලා. ටික වෙලාවකින් ආයෙ සාමාන්‍ය විදියට වැඩ කරගන්න පුළුවන්." ඇය, ඇස අග තිබුණු කඳුළු බිංදුවක් ඇඟිල්ලෙන් පිසදාන ගමන් කීවාය. "මෙහෙම වෙනසක් දැනෙන්නේ අලුතින්ද? නැත්නම් කාලයක් තිස්සේ මෙහෙම වුණාද?" මා ඇසුවෙමි. "නෑ අනේ, මම හැමදේම හරියට පිළිවෙලට, වෙලාවට කරන්න පුරුදු වෙලා හිටියේ. අනෙක මෙයා ලෙඩ වුණාට පස්සේ ඒ වගකීම තවත් වැඩිවුණා. මේ වෙනකම් මට මෙහෙම වෙනසක් දැනිලා නෑ. ඒත්... දැන් දැන් මටත් ඩිමෙන්ෂියාව එනවාද කියලා මට බයයි. මම ඩිමෙන්ෂියාවට බය නෑ, ඒත් මට එහෙම වුණොත් මෙයාව බලාගන්නේ කවුද?" බොහොම ශක්තිමත් කාන්තාවක් ලෙස අප අතරේ හඳුනාගෙන සිටි ඇයට මෙසේ හැඬුමක් මතු වූයේ, තමන් තුළ සිරකරගෙන සිටි වේදනාව සහ මානසික බරෙහි තරම නිසාවෙනි. තම සැමියාගේ ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය සමඟ ඇය මුහුණ දුන් අධික පීඩනය (Caregiver Stress / Burn...