පාන් පිටි දෙන ලෙඩ
“ඉස්සර වගේ නොවෙයි අනේ, දැන් කෑම කාපු ගමන් බඩපුරෝලා දාල වගේත ඇඟපතත් රිදෙනවා, ඔළුවත් බරයි වගේ හරිම කරදරයක් මේක” සමහර විට මේ ඔබේ කතාව වෙන්න පුළුවන්, නැත්නම් මේ වගේ කතාබහට ඔබ එකතු වෙලා ඇති. විශේෂයෙන්ම පාන්, සැන්විච් හෝ පාං පිටි වලින් හදපු කෑම කාළ ටික වෙලාවක් යත්දි බඩ පුරෝල දාල, හරියට අර pufferfish වගේ බඩගෙඩිය පිම්බිලා ඇවිත්, කරමින් හිටිය වැඩකටයුතු කරන්න තියා, හුස්ම ගන්නත් බැරි තද ගතියක් එන්නත් බැරි නෑ. ඇඟපත රිදෙන, බඩේ කැක්කුම් එක්ක ඊළඟ පැය ගණනාවම ගත කරන්නට වන මේ තත්ත්වයට හේතු ගණනාවක් තියෙන්න පුළුවන් වුනත්, ඒ අතරින් ගැටළු කිහිපයක් ඇති කරන්න පුළුවන් ප්රධාන හේතුකාරකයා අපේ කෑම එකේ ඉන්න පාං පිටි වෙන්නත් පුළුවන්. ඔව්, පාං පිටි කියල අප පොදුවේ කියන, තිරිඟු පිටි වල (තිරිඟු විතරක් නොවේ, බාර්ලි, රයිල් වගේ සමාන ධාන්ය වර්ග වල) තියෙන එක්තරා ප්රෝටීනයක් ඔබට මේ අපහසුතා ඇති කරනවා වෙන්නත් බැරි නෑ. තිරිඟු ඇටේට , අවශ්ය කරන ශක්තිය, බැඳීම් පවත්වා ගන්න වගේම, තිරිගු ඇටේ කවද හරි ලොකු වෙන්න , තිරිඟු පැළයක් වෙත්දි අවශ්ය උදව් කරන්නට ඉන්න මේ ග්ලූටන් කියල ප්රෝටීනට, තිරිඟු පිටි, එහෙම නැත්නම් පාංපිටි එක්ක ඇවිත් අප...