Posts

Showing posts from February, 2023

දැන නොදැනෙන එයා

Image
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.) අද උදේ සිදුවීමක්. සඳුදා දවස අපේ වඩාත්ම වර්ණවත් දවස. ඒ අද දවසේ වැඩසටහන තුල ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන අය මෙන්ම, එහි මූලික අවස්ථාවේ සිටින අයත්, වෙනත් ස්නායුක රෝග තත්ත්ව සමඟ ජීවත්වන අයත් කියන මිශ්ර ප්රජාවක් අප සමඟ එකතු වෙන නිසා. සියළු විස්තර, යාවත්කාලීන සෞඛ්ය සහ හැසිරීම් පිළිබඳ තොරතුරු කියවල සූදානම් වෙලා, ටිකක් එළියට වෙලා හිටියේ අද හරිම ලස්සන දවසක් වුනු නිසා. පහුගිය කාලේ තිබුණු සීතල නැති වෙලා , හිම දියවෙලා අපූරු ලස්සන උදෑසනක් , කුරුළු කිචිබිචියත් එක්කම ඇවිත් තිබුණා. ලොකු කලබලයකුත් නැති එකේ සිංදුවක් එහෙම අහගෙන ඉන්න අතරේ අපේ එක් සේවාලාභිනියක් ආයතනයට ගොඩවැදුනා. ඒ ආවේ, එයාගේ සැමියා එක්ක, (මතක විදියට අවුරුදු පනස් ගණනක විවාහ සංවත්සරයත් ළඟදි සැමරුවා). එළියේ වාඩිවෙලා ඉන්න මා දැක්ක ඇය, ගොඩනැගිල්ල ඇතුලට යනවා වෙනුවට මා වෙතට ආවා. "එහෙම නම් ඔක්කොම හරිනේ, මම එන්නම් ...

ඩිමෙන්ෂියා Screening Test ගැන-2

Image
මේ මාතෘකාවෙන්ම මෙම පරික්ෂණ කිහිපයක් ගැන මීට පෙරත් අප කතා කළා. අද ඔබ වෙත ගෙන එන්නේ තවත් එවන්, ඩිමෙන්ෂියාව පිළිබඳ ඇති අවදානම හඳුනාගැනීමට එහෙම නැත්නම් අවදානම යොමු කළ යුතු තත්ත්වයේ සැක කිරීමක් කළ යුතුද කියන අදහස ගන්නට පුළුවන් පරික්ෂණයක්. නැවතත් මතක් කරනවා, මෙම පරික්ෂණ සිදු කළ යුත්තේ, අදාල විෂය ගැන සෞඛ්ය විද්යානුකූල , වෘත්තීය දැනුමක් ඇති වෘත්තිකයෙක් විසින්. එවිටයි වඩාත් සාර්ථක අදහසක් ලබා ගත හැකි වන්නේ. නමුත්, එවැනි වෘත්තිය අත්දැකීමක් නැති අයෙක්ට වුනත් කියවා , විමසා යම් අදහසක් ලබා ගත හැකි නිසා මෙම ස්ක්රීන් ටෙස්ට් එක සටහන් කරනවා. ලකුණු ලබා දෙන ආකාරය කරන්නේ මෙහෙමයි, මේ හැම ප්රශ්නයක් ඉදිරියේම ඉලක්කම් දෙකක් තියෙනවා. එයින් මුල් ඉලක්කම , අදාල ගැටළුවට පිළිතුර "ඔව්" වුනොත් සහ අනෙක් අංකය , අදාල ගැටළුවට ලැබෙන පිළිතුර "නැහැ" නම්. ඒ විදියට ප්රශ්න 21ම විමසීමෙන් සොයා බලලා , ලැබෙන ලකුණු එකතු කරල බලන්න. මුළු එකතුවේ අර්ථ දැක්වීම: ලකුණු 4 හෝ අඩු නම් : තත්ත්වය සාමාන්යයි. ලකුණු 5 - 14 අතර නම් : සොයා බැලිය යුතු මට්ටමේ අමතක වීමක් ඇත. ලකුණු 15 හෝ ඊට වැඩි නම් : පමා නොකර සුදුසුකම්ලත...

හෙටක් ඇත්ද?

Image
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.) දවස සිකුරාදාව. අද දවසේ අපේ වැඩසටහනට අළුත් සේවාලාභියෙක්ගේ පැමිණීම අපේක්ෂාවෙන්, අදාල තොරතුරු සියල්ල පිළිබඳව දැනුවත් වෙලා හිටියා. වෙනද වගේම උදේ අට වෙත්දි හැමෝම වගේ ඇවිත්. තාමත් අපේ අළුත් සාමාජිකාව ආවෙ නෑ. සාමාන්යයෙන් මුල්ම දවසේ ටිකක් පමාවෙන එක පොදු දෙයක්නේ. හරියටම තවත් විනාඩි දහයක් යත්දි තරුණ යුවලක් එනවා. ලැබී තිබුණු තොරතුරු සහ සෞඛ්යය සටහන් අනුව මේ එන්නේ ඒ දෙන්න වෙන්න ඕන. ගියා ඔවුන්ව පිළිගන්න, මොකද මුල්ම හමුවීම තුල ඇතිවන බැඳිම සහ සේවාලාභීන් ලබා ගන්නා සේවය අතරේ ලොකු සම්බන්ධයක් තිබෙන බව අප දන්නා නිසා. "සුබ උදෑසනක් වේවා, මේ ...xxxx වෙන්න ඕන." "ඔව්, මම තමයි xxxx , මේ මගේ හස්බන්ඩ් yyyyy" සුහද පිළිගැනීමකින් පස්සේ ඇයට හිමි ස්ථානයට යොමු කරලා සැමියා එක්ක පුංචි කතාබහක යෙදුනා. "සමාවෙන්න, අපි ටිකක් ප්රමාද වුනා, දන්නැත්ද උදේ ටිකක් යුද්දයක් වගේ...

ඩිමෙන්ෂියා Screening Tests ගැන

Image
ඔබ දැනටමත් ඩිමෙන්ෂියාව ගැන යම් දැනුමක් ඇති අයෙක් නම්, මෙම තත්ත්වය හඳුනාගැනීම සහ විනිශ්චය කරන ආකාරය ගැන යම් අදහසක් ඇති. ඒ මීට පෙර එකතුවූ ලිපි සහ සාකච්ඡා වලට එකතු වුනා නම්. මෙතැනදි, ඩිමෙන්ෂියාව පිළිබඳ සොයා බලන, සෞඛ්ය වෘත්තිකයෙක් විසින් භාවිත කරන පරික්ෂණ ප්රධාන වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. Screening Tests : ඒ කියන්නේ අදාල පුද්ගලයා ඩිමෙන්ෂියා තත්ත්වය හෝ ආසන්න තත්ත්වයක සිටිනවා යැයි සැක කළ හැකිද කියල හොයන මූලික පරික්ෂණ. මේවා කිසිසේත්ම, රෝග විනිශ්චක පරික්ෂණ ( Diagnostic Tests ) ලෙස සැලකෙන්නේ නැහැ. තව විදියකින් කිව්වොත් screening test වලින් පමණක්ම ඩිමෙන්ෂියා තත්ත්වය සඳහා වෛද්ය විනිශ්චයක් ( Medical Diagnosis ) දීම පිළිගන්නා වෘත්තිකයෙක් විසින් කරන්නේ නැහැ. එහෙම නැත්නම් එවැනි උත්සාහයකදි ලැබෙන "රෝග විනිශ්චය" ඉතා නිවැරදි එකක් නොවීමට ඉඩ තිබෙනවා. Diagnostic Tests : සිදු විය යුත්තේ, මෙම ස්ක්රීනින්ස් වලින්, සැක මතුවන අවස්ථා , එහෙමත් නැත්නම් , බුද්ධිමය, මානසික හැකියාමය තත්ත්වය ගැන අවදානමක් , සැකයක් හඳුනාගන්නා අවස්ථාවකදි, අනෙක් පරික්ෂණ — රුධිර රසායන පරික්ෂණ, පොදු ශාරීරික පරික්ෂණ, චර්ය...