මට, මාව පරිස්සම් කරල දෙන්න
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය පරිසරය තුළ දිනපතා මා අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නටයි. ඒ තුළින් ඩිමෙන්ෂියාව සහ ආශ්රිත තත්ත්වයන් සමඟ ජීවත්වන මගේ සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබේ කරමින්, මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දීමයි මගේ අරමුණ.) පළමු හමුවීම: දවස සිකුරාදා සිදුවීම: සේවාලාභියෙකු සමඟ පළමු හමුවීම (Intake & Assessment) "මට ඒ සිදුවීම හොඳට මතකයි... අපි හිම කන්ද පහළට වේගයෙන් එමින් හිටියේ. මතක විදියට තදින් හිරු එළිය තිබුණා. හැමෝම හරි සන්තෝසෙන් විනෝද වුණා. අන්තිමට මට මතක මාව අන්ධ වුණා වගේ හැඟීමක්... ඊට පස්සේ වුණු දේ ගැන හරි මතකයක් නෑ." මගේ දරුවන්ට වඩා අවුරුදු දෙක තුනක් විතර වැඩිමල් මේ තරුණ කොළු ගැටයා කියාගෙන යයි. "හ්ම්... ඒ තමයි එයා ස්කී-ඩූ (Ski-doo / Snowmobile) ගිය අවසාන දවස. මාස හතරක් රෝහලේ හිටියා. ශල්‍යකර්ම තුනක් කළා ජීවිතය බේරගන්න..." ඔහු සමඟ පැමිණි අම්මා කතාව මැදට එකතු වූවාය. "මගේ පෙම්වතියත් එයින් තුවාල වුණාලු. ඒත් දැන් එය...