Posts

Showing posts from November, 2022

ඩිමෙන්ෂියා හඳුන්වාදීම-5

Image
"අමතක වීම" ගැන තව ටිකක් "අමතක වීම" කියන සාධකය ගැන තව ටිකක් කතා කරන්න ඒ 'අමතක වීමම" යොදා ගන්නට අමතක නොකරන්න මම හිතුවා. ඔබට අමතක වෙන්න බෑ ......(සිංදුවක් තියෙනවා නේහ් ) මීටපෙර ලිපිය තුල අපි කතා කළා අමතක වීම් විය හැකි අවස්ථා කිහිපයක් ගැන. ඒ තුල සාමාන්ය වගේම අසාමාන්ය අවස්ථා ගැනත් කෙටියෙන් කතා කළා. අද, ඒ ලිපියේම ඊළ ඟ තැනට යමින්, "අමතක වීමේ" ප්රබල අසාමාන්යතාවයන් නොවන, එදිනෙදා විය හැකි අමතක වීම් ගැන ටිකක් කතා කරමු. මේ කතා කරන්න හදන අවස්ථා බොහොමයකට ඔබ, මම අද දවසේත් මුහුණ දෙනවා වෙන්න පුළුවන්. බොහෝ දුරට ඒ අමතක වීම්, "සාමාන්ය" ලෙස ගත හැකි අතර, ඉතා කළාතුරකින්, තවත් අවදානම් සාධක සමඟ එක්වී , "අසාමාන්ය" ලක්ෂණයක් වන්නටත් ඉඩ තිබෙන බව මතක් කරනවා. කාළෙත් එක්ක හැලෙන මතක මොළය කියන්නේ හරි අපූරු ගබඩාවක්.මේක අර අපේ ගෙවල් වල ගබඩා කාමරේ වගේ ඕන දෙවලුයි , කවදාවත් පාවිච්චි නොකරන දේවලුයි ගොඩගහගෙන, "බඩු ගොඩයි" කියමින් ඉන්නේ නැහැ. එයා , වැඩිපුර භාවිතයට නොගන්න දේවල් එළියට දානව, අමතක කරල දානවා. තව විදියකින් කිව්වොත්, කාළයක් තිස්සේ නැවත මතක් ...

ඩිමෙන්ෂියා හඳුන්වාදීම-4

Image
"මටත් ඩිමෙන්ෂියාද මන්දා?" "කෝ කොහෙද මගේ වාහනේ යතුර? මෙතනනේ මම තිබ්බේ? , මට හොඳට මතකයිනේ, අනේ මන්ද මට මක් වෙලාද කියලා" "අර ඔයාට මතකද අපිත් එක්ක ඕ ලෙවල් කළේ, කළු උස කෙට්ටු කොල්ලා ..අ.ර අර කවුද .. ෂං මට නම මතක් වෙන්නෑනේ" "කවුද අර සිංදුව කියන්නේ, අර අර...අනේ මන්ද මේ නම දිව අග තියෙනවා , එන්නෑනේ" අපට ඔය වගේ අමතක වීම් කොයිතරම් වෙනවද නේද? සමහර වෙලාවට "මටත් ඩිමෙන්ෂියාද මන්ද" කියල හිතෙන්න පුළුවන්, මේ පිටුවට අළුත එකතු වුනු අපේ මිත්රයන්ට. කළබලවෙන්න එපා. අපි අද කතා කරල ,ඔන්න ඕක තේරුමක් බේරුමක් කරගමු. අමතක වීමත් හොඳ දෙයක්. ඈ.... ඔව්, හිතන්න, මේ අපි අහන, දකින, විඳින හැමදේම කිසිම අමතක වීමක් නැතිව, ඒ සේරම මතකයේ රැදුනොත් ... මහ විනාසයක් නේ. ඒ නිසා, හොඳ වෙලාවට අපේ කෙටි කාළීන මතකයේ සහ දිගු කාළීන මතකයේ "මතකයන්" විදියට තැන්පත් වෙන්නේ අපේ අත්දැකීම් වලින් යම් ප්රමාණයක් පමණයි. ඒ කොයිතරම්ද කියල Edgar Dale ගේ සිට අද දක්වා විවිධ පර්යේෂ සිදුවෙමින් එකඟවෙමින්, වෙනස් මත එක් කරමින් විද්යාත්මක කතාබහක් පැවතුනත්, ප්රායෝගිකව අප ඒ අත්දැකීම ලබනවා. ඉ...

ඩිමෙන්ෂියා හඳුන්වාදීම-3 (පිච්චමල)

Image
මොළය සහ මිනිස් ක්රියාකාරකම් අපි දන්නවා, සංකීර්ණ ජීවියෙක් ලෙස, මිනිසා ගේ "මිනිස් ක්රියාකාරකම්" පවත්වා ගන්නට "මොළයේ" මැදිහත්වීම කොයිතරම්ද කියලා. ඒක, ඔබ විෂයයක් විදියට ඉගෙන ගෙන තිබෙන්නත් පුළුවන්, එහෙම නැතත් සාමාන්ය දැනුම තුල එම අවබෝධය යම් තරමකට හෝ අප සතු වෙනවා. "මොළේ පාවිච්චි කරල වැඩ කරන්න" "මේක මොළෙන් ගහන්න ඕන ගේමක්" එහෙමත් නැත්නම් වැඩේ වැරදුන තැන "මොළයක් නැත්ද ළමයෝ?" කියල අහන, සාමාන්ය ව්යවහාරය තුලම "මොළයේ" වැදගත්කම මතුවෙනවා. ඒ නිසා, මම මොළයේ ජීව විද්යාත්මක ක්රියාවලිය ගැන සංකීර්ණ, විද්යාත්මක විස්තර කිරීමකින් මේ මාතෘකාව ආරම්භ කරන්නේ නැහැ. ඒ වෙනුවට, අප දැනට දන්නා තැනින් කතාව ආරම්භ කරමු. මොළය තුළ සිදුවන සංකීර්ණ ක්රියාවලිය බාහිරින් ලැබෙන, විවිධ සංඥා, හැඟීම් දැනීම් ස්නායුක රසායනික ඔස්සේ , නැවත ගැනීම පිණිස සහ නැවත, ගැනීම සඳහා පිළිතුරු දීම සඳහා තැන්පත් කර තිබෙන, භාණ්ඩාගාරය "මොළය". එහෙම නැත්නම් මොළයේ තිබෙන ස්නායු සෛල. එන පණිවිඩ බාර ගෙන සැකසීම, තෝරා බේරා ගැනීම, පෙර දත්ත සමඟ සැසඳීම, අවශ්ය තොරතුරු ලේබල් කර ගබඩා කිරී...

පෙර ප්රශ්නවලට පිළිතුරු

Image
පෙර ප්රශ්නවලට පිළිතුරු මෙන්න පෙර ලිපියේදි අහපු ප්රශ්න ටිකට උත්තර. 1. ඩිමෙන්ෂියාව සුව කළ හැකිද? 1. F - අද දවසේ වෛද්ය විද්යාව කොයිතරම් දියුණූ වුවත්, "ඩිමෙන්ෂියාව" සුව කරන ක්රමයක් තවම හඳුනාගෙන නැහැ. නමුත්, ඒ සමඟ එන සමහර රෝග ලක්ෂණ සීමා කිරීමට සහ, ඩිමෙන්ෂියා තත්ත්වය "උග්රවීමේ වේගය" තරමක් සීමා කිරීමට යම් ඖෂධ සහ ප්රතිකාර තිබෙනවා. 2. ඩිමෙන්ෂියාව තනි රෝගයක්ද? 2. T - ඩිමෙන්ෂියා ලෙස "තනි රෝගයක්" වෙන් කරන්නේ නැහැ. එය ලක්ෂණ ගණනාවක මිශ්රණයක් ඔස්සේ ඇතිවන තත්ත්වයක්. ඒ නිසා ඩිමෙන්ෂියා කියන නම යටතේ තවත් උප වර්ග ගණනාවක් තිබෙනවා. දළ වශයෙන් මේ වෙත්දි 400කට වැඩි ඩිමෙන්ෂියාමේ වර්ග හඳුනාගෙන තිබෙන අතර, අපි හුඟක් අය දන්න, ඇල්සයයිමර් රෝගය, වැස්ක්යුලර් ඩිමෙන්ෂියාව ඒ අතර තිබෙනවා. 3. ඩිමෙන්ෂියාව මානසික රෝගයක්ද? 3. F - ඩිමෙන්ෂියාව, මානසික රෝගයක් ලෙස සැලකෙන්නේ නැහැ. එය මොළයේ ව්යුහීයව සිදුවන වෙනස්වීමක් නිසා ඇතිවන තත්ත්වයක්. නමුත්, ඩිමෙන්ෂියා තත්ත්වය තුල, සමහර මානසික රෝග ලක්ෂණ තිබෙන්නට පුළුවන්. උදා-විශාදයේ ලක්ෂණ වැනි. මේ නිසා ඩිමෙන්ෂියාව සහ මානසික රෝග සමහර අවස්ථා වල වැ...