හිත රිද්දන Inner critic
ඔබට මතකද ඔබ මුලින්ම රැකියාවක් සඳහා සම්මුඛ පරික්ෂණයකට යන්න සූදානම් වුනු මොහොත. එහෙම නැත්නම් ලොකු අභියෝගයක් බාරගන්නට සූදානම් වන මොහොතක්. මතකද ඔබ, ඔබත් එක්කම හිතින් කතා කළා. "වැඩේ හරියාවිද?" ඔබ අහන්න ඇති ඔබගෙන්ම. "ඔව්, මේක හරියනවා. බය නැතිව මුහුණදෙනවා" සමහර විට ඔබ තුල ඉන්න කෙනා ඔබට උත්තර දෙන්න ඇති. මෙන්න මේ තමන් එක්කම සිදුවන දෙබස තුල රැදෙන අනෙක් කෙනාට විවිධ නම් දෙනවා. Self talk කියන්න පුළුවන්, Inner voice කියන්න පුළුවන් , එහෙම නැත්නම් Inner critic කියන්නත් පුළුවන්. මෙතැනදි මේ ඉනර් ක්රිටික් අපට දෙන්නේ හරිම නෙගටිව් උත්තර. "ඔය වැඩේ හරියන්නෑ, ඔයා හැමදාම වැඩේ අනාගත්ත" එහෙම නැත්නම් "කවද්ද ඔයා වැඩක් හරියට කළේ" ඔන්න ඔය වගේ, තමන් ගැනම සෘණාත්මක අදහසුත් හිත ඇතුලෙන් මතු වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවට තමයි මේ Inner critic කියන වචනය යොදා ගන්නේ. සමහර වෙලාවට අපට නොදැනීම මේ Inner critic අපේ හිත රිද්දනවා. "මං කවදාවත් හරියට වැඩක් ඉවර කළේ නෑ" කියල ඔබට හිතෙනවා නම් ඒ හිතුවිල්ල ඔබට තල්ලු කරන්නේ මෙයා. තමත් සමහර විට එයා මෙහෙම කියන්න පුළුවන් "බලන්න ඔ...