අමුණන And ගැන
අද මාතෘකාව තමයි The "And" Technique. මේ කතාබහේදි සමහර විට අපට භාෂාමය ගැටළුවක් එන්නත් බැරි නෑ. මොකද, අපේ භාෂාව තුල යම් සීමා තිබෙන නිසා සහ වචනයකදී එන අර්ථයේ බර, ලිඛිත සහ වාචික භාවිතයේදි යම් වෙනස්කම් පවතින නිසා. නමුත් අප වඩාත් දැනෙන විදියට මෙම උපක්රමය ගැන කතා කරන්න බලමු. ඒහේතුවෙන්ම, මෙම ලිපිය තුල සමහර තැන් වඩාත් "දැනෙන ලෙස" පැහැදිලි කිරීම සඳහා ඉංග්රීසි වාක්යය කිහිපයකුත් එකතු කරන්නට සිදුවේවි. මේ And technique එකේදි කරන්නේ, සම්පුර්ණයෙන් කළු-සුදු විදියට ලේබල් කරන හෝ හිතට පිළිගන්න අදහස් දෙකක්, ටිකක් සැර බාල කරලා, එහි "ඇත්ත" තත්ත්වය ගැන හිතන්න පොළඹවන එක. උදාහරණයක්, මම මගේ සැමියා/බිරිඳට හුඟක් ආදරෙයි. එයා මගේ හිත රිද්දනවා. මේ සිදුවීම තනි වාක්යයට ගන්න පුළුවන් ක්රම කිහිපයක් තියෙනවා. මගේ සැමියාට මා හුඟක් ආදරේ නමුත්, එයා මගේ හිත රිද්දනවා. (I love my spouse, but s/he hurt my feelings) මගේ සැමියා/බිරිඳට මා හුඟක් ආදරේ වුවත්/මෙන්ම, එයා මගේ හිත රිද්දනවා. (I love my spouse, and s/he hurt my feelings) දැන් මෙතැන පළමු වාක්යය කියවගෙන යත්දි, "නමුත්" එහෙම...