"නිදි ණය" ගෙවීම: නිදි මැරීමෙන් මොළයට වන හානිය පසුව නිදාගැනීමෙන් (Sleep Debt) යථා තත්ත්වයට පත්කළ හැකිද?
නින්ද සහ මොළයේ සෞඛ්යය පිළිබඳව සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන තොරතුරු පිළිබඳව සාමාජිකයෙකු යොමු කළ වැදගත් විමසීමක් සහ එහි සැබෑ විද්යාත්මක පසුබිම විමසා බලමු. සාමාජිකයෙකුගේ ගැටළුව: "මම ෆේස්බුක් පෝස්ට් එකක් දැක්කා නිදි මැරුවාම මොළේ සෛල වලට හානියක් වෙනවා, ඒකෙන් මොළේ වයසට යනවා වගේ දෙයක් වෙනවා, ඒ හානිය නැවත යථා තත්ත්වයට පත් කරගන්න නම් ඒ නින්ද නැති වෙච්ච කාලයට සමාන කාලයක් නින්ද නැවත ලබා ගත්තම ඒක හරි යනවා කියලා. මට දැනගන්න ඕන මමත් මේකේ මුල හරිය අහලා තිබ්බත්, අන්තිමට මේකේ කියලා තියෙන දේ ඇත්තක්ද කියලා. ඒ කියන්නේ 'නින්ද නැති වෙච්ච කාලය නිදා ගත්තොත් නැවත ප්රශ්නේ හරි යනවද?'" මගේ අදහස් මුලින්ම කියන්න ඕන, මේ යොමු කළ ගැටළුව ඉතා හොඳ කතාබහක් වෙනුවෙන් ආරම්භයක්. ඩිමෙන්ෂියාව සහ ආශ්රිත තත්ත්වයන් ගැන විවිධ තොරතුරු සමාජ මාධ්ය තුළ දැන් දැන් පළ වෙනවා. ඒ අතර යාවත්කාලීන නොවූ, අර්ධ සත්ය හෝ ඇතැම් වාණිජ අරමුණු සහිත නොමග යවන තොරතුරුද තිබෙනවා. අද දවසේ සෞඛ්ය විද්යාත්මක පරිසරය තුළ වැඩි පිළිගැනීමක් ඇති තොරතුරු මත පදනම්ව කරුණු කිහිපයක් මෙසේ පැහැදිලි කරමු: 1. ප්රමාණවත් නින්දක් නොලැබීම සමස්ත සෞඛ...