Posts

Showing posts from May, 2023

මහද ප්‍රේමාදරේ

Image
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය සායනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ ධෛර්යය ලබා දීමටයි.) කැලැන්ඩරයේ බ්‍රහස්පතින්දා ලෙස සටහන් වුවද, අපේ වෘත්තීය දිනපොතේ එය "Memory Care" දිනයයි. අනෙක් දිනවලට සාපේක්ෂව සංකීර්ණ ඩිමෙන්ෂියා තත්ත්වයන් සමඟ ජීවත්වන ආදරණීය සේවාලාභීන් වෙනුවෙන් වෙන්වූ දිනයකි. Cognitive Stimulation Therapy (CST), Cognitive Behavioural Therapy (CBT), Montessori Dementia ක්‍රමවේදය, කලාව හා සංගීත චිකිත්සාව (Art & Music Therapy) හරහා පැය හයකින් පසු මහන්සියක් දැනුණද සිතට ඉමහත් තෘප්තියක් ගෙනෙන දිනයකි. උදෑසන වැඩසටහනේ මුල්ම කොටස වන්නේ සමාජීය බැඳීම් වර්ධනය කරන "කෝපි සහ කතාබස්" (Coffee & Reminiscence) සැසියයි. එදින කාලගුණය, පරිසරය සහ අතීත මතකයන් අවුස්සමින් කතාබහ කරමින් සිටින අතරතුර, 86 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක වන මාගරට් නෝනා මා වෙත ළඟා වූවාය. "මහේෂ්, මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්...

මතක අමතක කරන බෙරි බෙරි වෙරි මත

Image
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය සායනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ ධෛර්යය ලබා දීමටයි.) මාර්තු මාසයේ ආරම්භ වන නව මූල්‍ය වර්ෂය සඳහා ආයතනයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට සේවාලාභීන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මාලාවක් අපට පැවැත්වීමට සිදුවිය. මෙහිදී අදාළ පුද්ගලයා කුමන ඩිමෙන්ෂියා මට්ටමේද, කුමන චර්යාවන් දක්වනවාද, සහ අපගේ චිකිත්සීය වැඩසටහනෙන් ප්‍රතිඵල ලබාගත හැකිදැයි සොයා බැලේ. එදින සම්මුඛ පරීක්ෂණයට පැමිණියේ දකුණු ඇමරිකානු සම්භවයක් සහිත, හොඳ උස මහත, 47 හැවිරිදි "ලොකු මහත්තයා" (ගරුත්වය උදෙසා නම වෙනස් කර ඇත) සහ ඔහුගේ සහකාරිය වූ කුඩා කේඩෑරි සිරුරක් හිමි සුදු ජාතික කාන්තාවයි. "අපි පොඩ්ඩක් පමා වුණා... හිතාගන්න පුළුවන්නේ මේ ලොකු මහත්තයාව නැගිට්ටවලා ලෑස්ති කරගන්න තියෙන අමාරුව! ඊයේ බෙහෙත් අලුත් කළා, ඒකට මෙයාට ටිකක් සැරට නින්ද ගියා." ඇය කටපුරා හිනාවෙමින් කීවාය. සංගීතයට ආදරය කළ ගිටාර් වාදකයා ලොකු මහත්තයා වයස අවු...

උදේ කෑම

Image
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය සායනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ ධෛර්යය ලබා දීමටයි.) අඟහරුවාදා දිනයක, උදේ වරුව නිවාඩු ලබා සිටියද ආයතනයේ හවස්වරුවේ සාදයකට අවශ්‍ය අඩුමකුඩුම බඩු මල්ලක් භාරදීමට මා ආයතනයට ගියෙමි. බඩු මල්ල මිතුරියට දී පිටවෙන්නට සැරසෙද්දී මා එනතුරු මඟ බලාගෙන සිටියේ වෝල්ටර් — අපි හැමෝම ආදරයට කියන "වොලී" ය. සුදු දිගු රැවුලත්, හැඩට ගොතන ලද කොණ්ඩයත්, පරණ කව්බෝයි හැට් (Cowboy Hat) එකත්, අඩි හතකට කිට්ටු උසැති දැවැන්ත දේහයත් නිසා දුර තියාම හඳුනාගත හැකි වෝල්ටර්, අතීතයේ ඇල්බර්ටාවේ අශ්ව ධාවන ශූරයෙකි. ඔහුගේ ආදරණීය බිරිඳ ලෝරි (අවු. 65), විශ්‍රාමික විශේෂ අධ්‍යාපන සහායිකාවකි. අද වන විට ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන ඇය, මාර්තු මාසයේදී අපේ චිකිත්සීය වැඩසටහනට එක්වූයේ වොලීගේ කැපවීමෙනි. "මහේෂ්, අර බ්‍රෙක්ෆාස්ට් වැඩේ සාර්ථකයි!" වොලී මා හමුවීමට මඟ බලාගෙන සිටියේ සුවිශේෂී ආරංචියක් පවසන්නටය. "වොලී...

ඇගේ දිරියේ කතාව

Image
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය සායනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ ධෛර්යය ලබා දීමටයි.) ඇනී කියන්නේ අවුරුදු හතළිස් පහක පමණ කාන්තාවක්. ප්‍රාථමික පාසල් ගුරුවරියක් ලෙස වසර ගණනාවක අත්දැකීම් තිබූ ඇය ඩිමෙන්ෂියාව සහිතව ජීවත්වන බව හඳුනාගන්නේ ඇගේ 40 වන උපන්දිනයේ සතුට මැකී යන්නටත් පෙරයි (Young/Early-Onset Dementia). ගුරුවරියක ලෙස කවි ගී ගැයූ, දරුවන් හුරතල් කරමින් නැටූ ඇය, ඒ සියලු හැකියාවන් බිඳවැටෙද්දී ප්‍රතිකාර සමඟින් අපේ චිකිත්සීය වැඩසටහන් වෙත යොමු වෙනවා. අද වෙද්දී වසරක පමණ කාලයක් අපත් සමඟ ගතකරන ඇය, කණ්ඩායම තුළ ඉතාමත් ප්‍රියමනාප, අනෙක් අයට උදව් කරන, ධෛර්යයක් ලබාදෙන අපූරු නායිකාවක් බවට පත්වී හමාරයි. පසුගිය සිකුරාදා දිනයේ විවේකයක් තුළ ඇය සහ මා අතර ඇතිවූ සංවේදී කතාබහ මෙසේය: "මතකයේ වෙනසක් මුලින්ම දැනුණු දවස..." "ඇනී, අපි යමු ටිකක් අතීතයට. ඔයාට සෞඛ්‍ය තත්ත්වයේ වෙනසක් ඇති බව මුලින්ම දැනුණේ මොන කාලයේ වගේද?"...