මතකය රඳවන DTAs: ද්වි-කාර්ය ක්රියාකාරකම් (Dual-Task Activities)
මතකය අඩුවීමේ අවදානම සීමා කරමින් බුද්ධිමය හැකියාව හා මතක ශක්තිය (Cognitive Health) දියුණු කරගත හැකි විද්යාත්මක උපක්රමයක් වන ද්වි-කාර්ය ක්රියාකාරකම් (Dual-Task Activities - DTAs) පිළිබඳව විමසා බලමු. ශාරීරික ව්යායාම විද්යාව තුළදී මෙය Simultaneous Cognitive and Exercise Training (SCET) ලෙසද හඳුන්වයි. මොනවාද මේ DTAs (Dual-Task Activities)? Dual-task activities are combined cognitive and physical activities performed intentionally and simultaneously. (දැනුවත්ව සහ එකවර සිදුකරනු ලබන කායික හා බුද්ධිමය/සංජානනීය ක්රියාකාරකම්වල එකතුවකි.) උදාහරණ: නර්තන අනුපිළිවෙලක් සිතින් මතක් කරගනිමින් නර්තනයේ යෙදීම. වේගයෙන් ඇවිදින අතරතුරේ ගණිත ගැටළු විසඳීම හෝ වචන අනුපිළිවෙලක් පසුපස සිට ඉදිරියට කීම (Reverse spelling / Counting backwards). සාර්ථක DTA එකක් සඳහා අත්යවශ්ය කරුණු 4ක් ප්රයෝජනවත් DTA ක්රියාකාරකමක් සම්පූර්ණ වීමට නම් පහත ලක්ෂණ සපුරාලිය යුතුය: Cognitive Challenge: බුද්ධිය, මතකය හෝ ස්මරණය වෙහෙසවන අභියෝගාත්මක සංජානනීය අංගයක් පැවතීම. Physical Component: ශාරීරික ව්යායාමයක් හෝ කායික ව...