Posts

Fibromyalgia - Intro 2

Image
2. ෆයිබ්රො වේදනාව තමන්ට හෝ තමන්ගේ ආදරණීය කෙනෙකුට යම් සෞඛ්ය ගැටලුවක් ඇති වූ විට පමණක්, සෞඛ්යය පිළිබඳව වැඩිදුර දැනුවත් වීමට උනන්දු වන සමාජයක අපි ජීවත් වෙනවා. ඒ නිසාම තවමත් ලංකාවේ එතරම් ප්රචලිත නොවූ, හඳුනා නොගත් නිසා ඇතැම් අය දිගු කාලයක් විඳවන ෆයිබ්රොමයැල්ජියා (Fibromyalgia) ගැන කතා කිරීම වැදගත්. පසුගිය ලිපියෙන් අපි ෆයිබ්රොමයැල්ජියා තත්ත්වය සහ එහි පොදු ලක්ෂණ ගැන කෙටි හැඳින්වීමක් කළා. අද අපි ටිකක් ගැඹුරට යන්නේ එහි ප්රධානතම සහ බොහෝ දෙනෙකුට වඩාත් අපහසුකාරී ලක්ෂණය වන වේදනාව ගැනයි. ෆයිබ්රොමයැල්ජියා වේදනාව බොහෝ සෞඛ්ය ගැටලු සහ රෝග තත්ත්ව සමඟ වේදනාවක් අත්විඳීමට සිදුවෙනවා. සමහර විට එය දණහිසක, උරහිසක, හිසේ හෝ උදරයේ වැනි පැහැදිලි ස්ථානයකට සීමා වූ වේදනාවක් වෙන්න පුළුවන්. නමුත් ෆයිබ්රොමයැල්ජියා සමඟ ඇතිවන වේදනාව ඊට වඩා වෙනස්. එය ශරීරයේ දෙපසටම, ඉහළ සහ පහළ කොටස්වලට මෙන්ම කොඳු ඇට පෙළ ආශ්රිතවද පැතිර යා හැකියි. වේදනාව නිරන්තරයෙන් එකම මට්ටමක නොතිබෙන්න පුළුවන්. සමහර දිනවල අඩු වුණත්, තවත් දිනකදී හදිසියේම වැඩි විය හැකියි. වේදනාව ඇති ස්ථානද කාලයෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන්. තවත් අපහසුකාරී කරුණක් ...

Fibromyalgia - Intro 7

Image
7. ෆයිබ්රො හිසරදය ෆයිබ්රො තත්ත්වය සමඟ ජීවත්වන අයෙක් මුහුණදෙන ඊළඟ අපහසුකාරී අත්දැකීම තමයි ඉරුවාරදය, එහෙම නැත්නම් හිසරදය. සාමාන්යයෙන් මයිග්රේන් කියල කියන තත්ත්වයේ තද හිසේ කැක්කුමක් තමයි මෙහෙදි ඇතිවන්නේ. එක දිගට, එකම මට්ටමේ වේදනාවකට වඩා, රිද්මයානුකූල, අඩුවැඩිවීමක් සමඟ එන මේ හිසේ වේදනාව තද, තියුණූ සහ ගැඹුරින් එන පීඩාකාරී හිසේරුදාවක් ලෙස මතුවීමටත්, එය වරින්වර මතුවීමත් තමයි හදුනාගන්න ලැබෙන්නේ. මේ වේදනාවේ මට්ටම, දරාගත හැකි දැනෙන වේදනාවක සිට, දරා ගැනීමට අපහසු, වෙනත් සුළු උත්තේජනයකින් (ශබ්දයකින්, එළියකින්) පවා දරා ගත නොහැකි තරමට උග්රවන මට්ටමේ වේදනාවක් ලෙසද මතුවීමට ඉඩ තිබෙනවා. වේදනාව සමඟ මතුවන අනෙක් ලක්ෂණ බොහෝ විට, හිසේ එක පැත්තකින්, ඇහේ කැක්කුමක් සමඟම එන මේ හිසේ වේදනාව ඇහේ පෙනීමට පවා යම් අපහසුතා ඇති කරන්න පුළුවන් වගේම, මේ නිසා සමහර අවස්ථාවකදි කරමින් ඉන්න වැඩකටයුතු කරගන්න බැරි තරමට, එහෙමත් නැත්නම් කල්පනාව "නැතිවන තරම" පීඩාකාරී වන අවස්ථාත් ඇති වෙන්න පුළුවන්. ඒ එක්කම, වේදනාවේ උග්රබව නිසා ඔක්කාරය, වමනය වගේම උදරයේ අපහසුතාත් මේ තද, වේදනාකාරී හිසරදය සමඟ මතුවන්නට පුළුවන් අනෙක් ලක්ෂණ අ...

Fibromyalgia - Intro 1

Image
1. Fibromyalgia ගැන කෙටි හදුන්වාදීමක්. මෙතැන් සිට FM (Fibromyalgia) හෝ FMS(Fibromyalgia Syndrome) ලෙස හදුන්වා දෙන, මෙම කාළීන සෞඛ්යය ගැටළුව වෛද්ය විද්යාව ඉහළ දියුණුවක පවතින අද දවසේත් අභියෝග ගණනාවක් මතු කරන තත්ත්වයකි. එය හුදෙක් , වේදනාව පමණක් නොව, මෙම ලක්ෂණ වෙනස්වන ස්වභාවය, තවත් සෞඛ්යය ගැටළු වලදී මතුවන ලක්ෂණ මතුවීම, ඊටත් වඩා මෙම තත්ත්වය යැයි 100%ක් තහවුරු කළ හැකි රෝග නිර්ණය පරික්ෂණයක් නොමැතිවීම වැනි කරුණූ නිසා, විටෙක "බොරු ලෙඩක්" එසේත් නැත්නම්, "හිතේ ලෙඩක්" හෝ තවත් අවස්ථාවක වෙනත් රෝගයක් යැයි සමාජය මෙන්ම සෞඛ්යය වෘත්තිකයන්ද හඳුනාගන්නා තත්ත්වයක් වීම ඊට ප්රධානම හේතුවේ. එම ගැටළු මෙන්ම රෝග ලක්ෂණ සහ ඒ සමඟ පුද්ගලයා මුහුණදෙන අනෙක් අභියෝග ගැනත් පසුව වැඩි විස්තර සහිතව කතා කරන්නට තබා, දැනට මේ රෝග තත්ත්වයේ පොදු ලක්ෂණ කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නේ, තනිව රෝග විනිශ්චය කරගැනීමට උනන්දු කිරීමට නොව, මෙම ලක්ෂණ ඇත්නම්, එය වෙනත් හේතුවක් මත සඟවා දමා විඳවන්නේ නැතිව, සුදුසුකම් සහිත සෞඛ්යය වෘත්තිකයෙක් හමුවී, තමන්ට ඇත්තේ FMS තත්ත්වයද , එසේ නොවේද යන්න තහවුරු කරගෙන නිසි ප්රතිකාර සහ චිකිත්සාවන...

Fibromyalgia - Intro 3

Image
3. වෙනස් වෙහෙස. Fibro Fatigue ෆයිබ්රොමයැල්ජියාවේදී , අදාල පුද්ගලයා මුහුණදෙන ප්රධානම ගැටළුවක් වන "වේදනාව" ගැන අප මේ වෙත්දි කතා කර අවසන්. මාස තුනකට වඩා පවතින මේ "අසාමාන්ය සහ හේතුවක් හදුනාගත නොහැකි" හොල්මන් වේදනාවට පසු, මෙම තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයාට විඳින්නට සිදුවන වඩාත් අපහසුකාරී තත්ත්වය වන්නේ මේ "වෙහෙසයි fibro fatigue". සාමාන්ය වෙහෙසට වඩා වෙනස් වෙහෙසක් "වෙහෙස" ගැන කියන්නත් තරම් දෙයක්දැයි කෙනෙක්ට හිතෙන්නට පුළුවන් වුනත්, මෙම තත්ත්වයේදී එන වෙහෙස, නිරෝගී හෝ වෙනත් සෞඛ්යය තත්ත්වයක් මත සිටින්නෙකුට දවසේ දැනෙන වෙහෙසට වඩා වෙනස්කම් කිහිපයක් තිබෙනවා. උදාහරණයක් අපි ඕනම කෙනෙක්ට යම් වැඩක් කළාම වෙහෙසක් දැනෙනවා. නමුත්, ඒ වැඩ කටයුතු නවත්වා , "විවේක" ගත්තාම ආයෙත් සාමාන්ය ශාරීරික ශක්තිය, හැකියාව එන මට්ටමට හෝ ආසන්න තත්ත්වයක වෙහෙස නිවීමක් වෙනවා. ඒ නිසානේ අප ඕනම වැඩක් කරත්දි වරින්වර "විවේක ගන්නේ". නමුත් ෆයිබ්රො වලදි මතුවන වෙහෙස පහසුවෙන් අඩු නොවන, ඒ වගේම කායිකව විතරක් නොවේ, මනසට පවා බලපාන වෙහෙසක්. කරන වැඩේ ප්රමාණයට නොගැලපෙන වෙහෙස අනෙක්...

Fibromyalgia - Intro 6

Image
6. ෆයිබ්රො මූඩ්ස් ෆයිබ්රොමයැල්ජියා තත්ත්වයේදී හොඳින්ම හඳුනාගත හැකි තවත් ලක්ෂණයක් තමයි, මෙම තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයාගේ මූඩ්ස්, මනෝභාවයන් ඉතා ඉක්මණින් සහ වෙනත් අයෙකුට හදුනාගත හැකි හේතුවක් නොමැතිව පවා වෙනස්වීමකට ලක්වීම. මනෝභාවයන් ඉක්මණින් වෙනස්වීම මොහාතකදී, සාමාන්ය හෝ යහපත් මානසික තත්ත්වයකින්, මූඩ් එකකින් ඉන්න පුද්ගලයා තවත් සුළු මොහොතකදි ජිවිතය ගැන දැඩි කළකිරීමකට ලක්වුනු, අපෙක්ෂාභංගත්වයට පත්වුනු, දුකින් ඉන්න අයෙක් වෙන්න පුළුවන්. මේ නිසාම, මෙම වෙනස්වීම් හේතුවෙන්ම, අදාල පුද්ගලයා නිරන්තරයෙන් මානසික ආතතියකින්, කාංසා සහගත බවකින් කාළය ගත කරන අවස්ථා හදුනාගන්නට පුළුවන්. හැඟීම්වලට වැඩි සංවේදී බව ඒ විතරක්ම නොවෙයි, මේ තත්ත්වයේදී අදාල පුද්ගලයා මේ හැඟීම් වලට දක්වන සංවේදී බව හුඟක් වැඩියි. ඒ කිව්වේ, සාමාන්යය කෙනෙක් දුකට පත් නොවන ටිකක් සංවේදී කතාබහකින් වුනත් මේකෙනා හුඟක් දුකට පත්වෙලා අඬන්නට පටන් ගන්නට පුළුවන්, ඒ විතරක් නොවෙයි තරහයාම්, ආවේගශීලී බවට පත්වීම වුනත්, ෆයිබ්රොමයැල්ජීයාව නැති අයෙක්ට වඩා ඉක්මණ් සහ හුඟක් සංවේදීයි. ඒ නිසා, සාමාන්ය අවස්ථාවෙදී කළබලයක්, තරහක් ඇති නොවන පුංචි කතාබහකට වුනත...

Fibromyalgia - Intro 5

Image
5. මතක අමතක කරවන Fibro fog ෆයිබ්රොමයැල්ජියාවේදී මතුවන තවත්, අපහසුකාරී ලක්ෂණයක් තමයි මේ "මතකය පිළිබඳ ගැටළු" එහෙම නැත්නම් ෆයිබ්රො ෆොග් කියන අවස්ථාව. සාමාන්යයෙන් මෙතැනදි වෙන්නේ අමතක වීම කියල කිව්වට, මේ අවස්ථාව තුල පුද්ගලයා මුහුණදෙන ගැටළු කිහිපයක් තිබෙනවා. ඒ අතරින් බහුලවම දැකිය හැකි ගැටළු කිහිපයක් කෙටියෙන් එකතු කරන්නේ, ෆයිබ්රො ගැන අවධානය යොමු කරන, සමහර විට දැන හෝ නොදැන ඒ තත්ත්වය සමඟ ජීවත්වන තවත් අයෙකු දැනුවත් කිරීම සඳහාම පමණයි. ෆයිබ්රො ෆොග් තුල හඳුනාගත හැකි ගැටළු ඒ අතර මෙන්න මේ තත්ත්වයන් හදුනාගන්නට පුළුවන්. 1. ළඟ මතකය අඩුවීම - ඒ කිව්වේ අද ඊයේ කතාබහ කළ, එහෙම නැත්නම් දැනගත්, ඉගෙන ගත් දේ නැවත මතකයට ගැනීමට බාධා එන්න පුළුවන්. (සමහර වෙලාවට මෙන්න මේ අවස්ථාවත් එක්ක ඩිමෙන්ෂීයාවදෝ කියල බයකුත් එන්න බැරි නෑ) 2. දෛනික කටයුතු තුල මතුවන අමතක වීම - දවසේ වැඩකටයුතු අතරේදී, විශේෂයෙන්ම කතාබහ කළදේ, දවසේ කළ යුතු වැඩරාජකාරි, හමුවීම්, ඒවා සඳහා වෙන් කරගත් වෙලාවන් වැනිදේ අමතක වීම. 3. කාර්ය බහුල වීම තුල සිදුවන අමතකවීම - කටයුතු කිහිපයක් එකවර කිරීමට තිබූ හැකියාව අඩුවී, එක් කාර්යයක් කරන විට ස...

Fibromyalgia - Intro 4

Image
4. "සුව" නැති නින්ද Non-restorative sleep "සුව" නැති නින්ද කියන්නේ මොකක්ද? ෆයිබ්රොමයැල්ජියාවේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ "සුව" නැති නින්ද. තවත් විදියකින් කෙටියෙන් කිව්වොත් නිදාගත්තත්, එහි ලැබිය යුතු "සුවදායීබව" නොලැබීම. දැන් මේකෙන් කියන්නේ, ෆයිබ්රොමයැල්ජියාව සමඟ ජීවත්වන අයෙකුට නිදාගන්න බැහැ කියන එකනම් නොවෙයි. මේ අයට දවස පුරාම වුනත් නිදාගන්න පුළුවන්. නමුත්, කොයිතරම් වෙලාවක් නිදාගත්තත්, අවදි වෙත්දි නිදා නොගත්තා වැනි හැඟීමක් හෝ නින්දේ ලැබිය යුතු සැහැල්ලුව නොලැබීමයි ප්රධාන ලක්ෂණය වන්නේ. අද ලිපිය තුල කෙටියෙන් කතා කරන්නේ අන්න ඒ, "සුව නැති නින්ද" ගැනයි. එහි හදුනාගත හැකි ප්රධාන ලක්ෂණ කිහිපයක් මේ, 1) ප්රමාණවත් නින්දක් ලැබුණත් ප්රබෝධමත් බවක් නොලැබීම ප්රමාණවත් පැය ගණනක් "නිදාගත්තත්" , නින්දෙන් අවදිවන විය ලැබිය යුතු ප්රබෝධමත් බව නැතිවීම 2) නින්දෙන් වැඩි වාර ගණනක් අවදිවීම නිදාගන්නා කාළය තුල වැඩි වාර ගණනක් නින්දෙන් අවදිවීම සිදුවිම 3) ගැඹුරු නින්දට වඩා නිදි-අවදි තත්ත්වයක සිටීම නින්ද තුල ලැබිය යුතු "ගැඹූරු නින්ද...