Posts

ඩිමෙන්ෂියා සාත්තුවට උදව්වක්: පුහුණු සාත්තු සේවකයෙකු (Dementia Trained Caregiver) තෝරාගැනීම, සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්නාවලිය සහ අධීක්ෂණය

Image
ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන සාමාජිකයෙකු තම පවුල තුළ සිටින සෑම කෙනෙකුටම වැදගත් වන පොදු කරුණක් වන්නේ සාත්තුව ලබා දීමයි. විශේෂයෙන්ම, සාත්තුව ලබා දීමට සාත්තු සේවකයෙකු (Caregiver) තෝරා ගැනීම පිළිබඳව සාකච්ඡා කරමු. කොතෙක් උත්සාහ කළත්, පවුලේ කෙනෙකුට තනිවම සියලු සත්කාර සිදුකිරීමට නොහැකි වන අවස්ථාවකදී (Respite care අවශ්‍ය වන විට) බාහිර සාත්තුකරුවෙකුගේ උදව් ලබා ගැනීමට සිදුවිය හැක. 1. Formal vs. Informal Caregivers: වෙනස කුමක්ද? Informal Caregivers (විධිමත් පුහුණුවක් නොලත් සාත්තුකරුවන්): පවුලේ සාමාජිකයන්, ඥාතීන් හෝ මිතුරන් වේ. විශේෂිත අධ්‍යාපනික පුහුණුවක් නොමැති වුවද, අත්දැකීමෙන් හා කරුණාවෙන් එදිනෙදා වැඩකටයුතු (කෑම, බීම, ඇඳුම් ඇඳීම) කරදීමට උදව් වෙති. Formal Caregivers (විධිමත් පුහුණුව ලත් වෘත්තීය සාත්තුකරුවන්): ඩිමෙන්ෂියා සාත්තුව පිළිබඳ සැලසුම්ගත අධ්‍යාපනයක්, සායනික පුහුණුවක් සහ අධීක්ෂණයක් ලබා ඇති වෘත්තිකයන් වේ. ⚠️ ඩිමෙන්ෂියා සාත්තුව යනු හුදෙක් "වැඩ ටිකක් කර දීම" පමණක් නොවේ: බෙහෙත් ටික ලබා දීම, කෑම කැවීම, නෑවීම පමණක් නොව, රෝගියාගේ මානසික හා චර්යාත්මක වෙනස්වීම් (BPSD) තේරුම් ගෙ...

ඩිමෙන්ෂියා සාත්තුවේදී Respite Care: සාත්තු සපයන්නන්ගේ මානසික බිඳවැටීම (Burnout) වළක්වා ගැනීමට විවේක සත්කාරයේ වැදගත්කම

Image
සාත්තුව හෙවත් සත්කාරය (Caregiving) කියූ සැණින් එහි ඇති බැරෑරුම් වගකීම අපට හැඟේ. තවත් අයෙකුට සාත්තු කිරීමේදී තිබිය යුතු දැනුම, ලබාදිය යුතු සාත්තුවේ නිවැරදි බව, සුවපහසුව, විය හැකි අතපසුවීම් සහ ඒ ඔස්සේ මතුවිය හැකි සංකූලතා පිළිබඳව විශාල වගකීමක් සාත්තුකරු මත පැටවේ. එයිනුත්, ඩිමෙන්ෂියා සාත්තුව යනු වඩාත් සංකීර්ණ, කායිකව මෙන්ම දැඩි මානසික වෙහෙසක් ගෙනදෙන ක්‍රියාවලියකි. ඒ නිසාම සාත්තු සපයන්නන් ඉතා ඉක්මනින් Caregiver Burnout, Chronic Stress හෝ Depression වැනි මානසික බිඳවැටීම්වලට ලක්වීමේ අවදානම ඉහළය. මෙන්න මේ හානිකර තත්ත්වයන් වළක්වා ගැනීමට ඇති ප්‍රධානතම විසඳුම වන්නේ Respite Care (විවේක සත්කාරය) යි. මොකක්ද මේ Respite Care කියන්නේ? Respite Care යනු, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන පුද්ගලයාට සාත්තු කරන ප්‍රධාන සාත්තුකරුට (Primary Caregiver) යම් විවේකයක්, සැහැල්ලුවක් ලබාදීම පිණිස සුදුසු පුහුණුවක් හෝ දැනුමක් සහිත වෙනත් අයෙකු අදාළ සාත්තු ක්‍රියාවලියට තාවකාලිකව මැදිහත් වීමයි. 💡 සරල උදාහරණයක්: ඔබ දිනපතා ඔබේ මවට සාත්තු කරමින් දැඩි වෙහෙසකින් පසුවන විට, ඔබේ සහෝදරිය පැමිණ "මේ සති අන්තයේ ඔයා නිදහසේ රෙස්...

Dementia Caregiver Burnout: ඩිමෙන්ෂියා සාත්තු සත්කාරයේදී වෙහෙස (Fatigue) ඉක්මවා යන මානසික හා කායික බිඳවැටීමෙන් මිදීමට මග

Image
රෝගියෙකුට සාත්තු කිරීම යනු කායික හා මානසික වශයෙන් මහත් වෙහෙසක් දැනෙන ක්‍රියාකාරකමකි. ඒ අතරින්, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙකුට සාත්තු කිරීමේදී එම වෙහෙස තවත් තීව්‍ර වේ. 1. සාමාන්‍ය වෙහෙස (Caregiving Fatigue) vs. Caregiver Burnout සාමාන්‍ය වෙහෙස (Caregiving Fatigue): කායිකව හා මඳ වශයෙන් මානසිකව දැනෙන තාවකාලික මහන්සියකි. හොඳ නින්දක්, කෙටි විවේකයක් හෝ නිවාඩුවක් මගින් යථා තත්ත්වයට පත්විය හැක. Caregiver Burnout: කායික වෙහෙස, මානසික පීඩාව සහ චිත්තවේගීය බර එක්ව හටගන්නා දීර්ඝකාලීන බිඳවැටීමකි (Chronic Emotional & Physical Exhaustion) . විවේකයකින් හෝ නින්දකින් පවා සුවයක් නොලැබෙන අතර, ශක්තිය සහ උද්යෝගය සම්පූර්ණයෙන්ම සිඳී යයි. ⚠️ අවදානම් සහගත ප්‍රතිඵල: Burnout තත්ත්වයට පත්වූ විට සාත්තුවේ ගුණාත්මකභාවය පහත වැටීම, රෝගියා කෙරෙහි නොඉවසිලිමත්කම හෝ කෝපය ඇතිවීම සහ අන්ත අවස්ථාවලදී නොදැනුවත්වම කායික/මානසික පීඩා (Caregiver Neglect or Abuse) සිදුවීමේ "හානිකර විෂම චක්‍රයකට" (Vicious Cycle) මැදිවිය හැක. 2. Caregiver Burnout තත්ත්වයට හේතු 7ක් 1. සන්නිවේදනයේ බාධාවන් BPSD (Behavioral an...

දැනුවත් වීමේ "විශේෂ" වැදගත්කම්: ශ්‍රී ලංකාවේ ඩිමෙන්ෂියා අවදානම, දියවැඩියාව සහ සෞඛ්‍ය ප්‍රතිපත්තිවල අභියෝග

Image
ශ්‍රී ලාංකික අප, ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්‍රිත තත්ත්වයන් පිළිබඳව දැනට වඩා යාවත්කාලීන සහ ප්‍රමාණවත් දැනුවත් වීමේ අත්‍යවශ්‍යතාවයට හේතු වන කරුණු කිහිපයක් මෙසේ සටහන් කරන්නේ, ඒ ගැන ගැඹුරින් සිතා බැලීමටත් ඔබගේ අදහස් එකතු කිරීමටත්ය. 1. පර්යේෂණ සහ විමර්ශණ හිඟය ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්‍රිත තත්ත්වයන්ගේ සැබෑ තත්ත්වය හඳුනාගත හැකි ජාතික මට්ටමේ පර්යේෂණ හෝ විමර්ශණ කිසිවක් මේ වනතුරු ජාත්‍යන්තරව පිළිගන්නා මට්ටමින් ප්‍රකාශයට පත්වී නොමැත. රාගම, මාතර වැනි කුඩා ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගත් පර්යේෂණ කිහිපයක් හැරුණුකොට, සමස්ත රට තුළ ඩිමෙන්ෂියා ව්‍යාප්තිය "නිවැරදි" ලෙස හඳුනාගැනීමට තවමත් නිසි දත්ත පද්ධතියක් නොමැත. වෛද්‍ය විද්‍යාත්මක මට්ටමේ පර්යේෂණ කිහිපයක් පළවී ඇතත්, ඒ ඔස්සේ ජාතික මට්ටමේ වැඩිවීමේ සීඝ්‍රතාවය නිවැරදිව හඳුනාගැනීමේ හැකියාවක් තවමත් නැත. 2. දියවැඩියාවේ තත්ත්වය තුළ ඇති දැඩි අවදානම ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සඳහා ප්‍රබල අවදානම් සාධකයක් විය හැකි දියවැඩියාව (Diabetes) ලංකාව තුළ අතිශය ඉහළ මට්ටමක පැවතීම බරපතල අනතුරු ඇඟවීමකි. "According to recent WHO estimates, the age-standardized preval...

වැරදි ඇත්ත සහ සැප බොරුව: ඩිමෙන්ෂියාවේදී පුද්ගලයින් වරදවා හඳුනාගැනීම සහ සත්‍ය පහදා දීම සුදුසුද?

Image
ඩිමෙන්ෂියා සාත්තු සත්කාරයේදී මුහුණදීමට සිදුවන ඉතා සංවේදී සහ ප්‍රායෝගික අභියෝගයක් පිළිබඳව සාමාජිකයෙකු යොමු කළ විමසීමක් සහ එහි චිකිත්සීය විසඳුම් විමසා බලමු. සාමාජිකයෙකුගේ ගැටළුව: "මම ඩිමෙන්ෂියා රෝගියෙකු බලා ගන්නවා. ඇය ඇතැම්විට මා සහ අනෙකුත් පිරිමි රැකබලා ගන්නන් ඇයගේ සැමියා විදියට සලකනවා. 1. මෙහිදී ඇයට සත්‍ය පහදා දීම සුදුසුද? නැතිනම් ඇයට එසේ සිතා ගැනීමට හැර කටයුතු කිරීම සුදුසු ද? 2. අනෙකුත් අතීත මතක සමග කටයුතු කිරීමේ සුදුසුම විදිහ කුමක්ද? 3. පුහුණුවීම් වලදී ඇයගේ ලෝකයේ අපත් ජීවත්විය යුතු බව පැවසුවත් තවදුරටත් පැහැදිලි කරගත යුතුයි." මගේ පිළිතුර මුලින්ම, ඩිමෙන්ෂියා සාත්තුව තුළදී මුහුණදෙන මෙවැනි ප්‍රායෝගික ගැටළුවක් ගෙන ඒම පිළිබඳව ස්තුතියි. මෙවැනි ගැටළුවලට විසඳුම් සෙවීම සහ අත්දැකීම් බෙදාගැනීම තුළින් තමයි වඩාත්ම සාර්ථක ඩිමෙන්ෂියා සාත්තුවක් ලබා දීමට හැකි වන්නේ. මගේ වෘත්තීය අත්දැකීමක් ඔබ සඳහන් කර තිබෙන අත්දැකීම, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අයට සාත්තු කරන බොහෝ දෙනෙකු (පවුලේ සාමාජිකයන් මෙන්ම වෘත්තිකයන් පවා) මුහුණදෙන පොදු අවස්ථාවක් මෙන්ම විශාල අභියෝගයකි. කොවිඩ් වසංගත සමයේ අපගේ සියලු චික...

වචන පරක්කුව: Tip-of-the-Tongue, MCI සහ ඩිමෙන්ෂියාවේ මුල් සංඥා හඳුනාගැනීම

Image
"පුතේ මට ඉක්මණට අරගෙන එන්න , අර , අර ..අර මේ .. ඔය අපි එලෝලු කපන්න ගන්න ...දිග ..අර...... " "දුවේ මට හැන්ද ගෙනත් දියං මේ පාන් පෙත්ත කපා ගන්ට" "අපට ඉක්මන් කරල ගියොත් කස් එක අල්ල ගන්න පුළුවන් වෙයි" "දවසක් අපි යන කොට අර මේ ...මේ මොකක් අර මේ ඔයා දන්නවනේ අර අර..." වචන මතක් කරගැනීමේ අපහසුව (Word-Finding Difficulty) ගැලපෙන වචනය ප්‍රකාශ කිරීමට නොහැකි වීම, අවශ්‍ය වචනය වෙනුවට ඊට සමාන හඬ ඇති වෙනත් වචන ආදේශ කිරීම (උදා: බස් එක වෙනුවට 'කස් එක' කීම), හෝ අවශ්‍ය භාණ්ඩය වෙනුවට වෙනත් වැරදි නමක් පැවසීම (උදා: පිහිය වෙනුවට 'හැන්ද' කීම), නැතහොත් අවශ්‍ය වචනය වෙනුවට ඊට ආසන්න විස්තර වලින් කතාබහ පිරවීමට දරන උත්සාහය පිටුපස MCI (Mild Cognitive Impairment) හෝ ඩිමෙන්ෂියාවේ පූර්ව අවධියක් පැවතිය හැක. සැලකිලිමත් විය යුතු රතු එළි (Warning Signs) ලක්ෂණ ක්‍රමයෙන් වැඩිවීම: වචන අමතක වන හෝ පැටලෙන වාර ගණන දිනෙන් දින වැඩිවීම. කාලය වැඩිවීම: නිවැරදි වචනය මතක් කරගැනීමට හෝ වාක්‍යය සම්පූර්ණ කිරීමට පෙරට වඩා වැඩි වේලාවක් ගතවීම. මානසික පීඩාව: මෙම "හිරවීම්" ...

මා මළ පසු සොහොන් කොතේ

Image
අද සෙනසුරාදා දවස, දිගු සති අන්තයක නිවාඩුව නිසා ටිකක් විවේක පාඩුවේ වැඩි වෙලාවක් ගෙවන්න ලැබුණා. ඒකටම උදව්වෙන්න‍දෝ අහසත් අඳුරු වෙලා, පොඩි පොදකුත් එක්ක නියම සරත් සමයක හැඩ දවස පුරාම විහිදිලා තිබුණා. හවස් වෙලා කඩ මණ්ඩියට යන්න සැලසුම තිබුණ නිසා, අද දවසේ කරන්න තිබුණු වැඩ කටයුතු කිහිපයක් උදේ වරුවේම කරන්න හිතා ගත්ත. එයින් වැදගත්ම දෙයක් වුනේ, මාත් එක්ක හෝඩියේ පන්තියේ, මුල් දවසේ ඉඳන්ම මගේ මිත්‍රයෙක්ව ඇමතීම. අද ඔහුගේ උපන් දිනය ඒ වෙනුවෙන් සුබ පතන්නට ඇමතුම දෙන්නේ. "ආ මිත්‍රයා! සුබ උපන් දිනයක් වේවා. තවම මහන්සිද පාටි දාලා " "ආ.. මහේෂ්, ආයෙත් කියලා. මේ දැනුයි නැගිට්ටේ තාම නිකං ඇඟපත තලල දාල වගේ. දැන් මචං පණහක්ම නේ, අර උත්තරා මිස්ගේ පන්තියේ ගණන් හදත්දි අපි හිතුවද බං මෙච්චර ලොකු වයසකට ඒවි කියලා." මිත්‍රයගේ උපන් දින කතාව මගේ මිත්‍රය සතුට පිරි දිග කතාවක් පටන් ගත්තා. තවමත් රුධිර ගත ඇල්කොහොල් ප්‍රතිශතය බිංදුවටම අඩු වෙලා නොතිබුණ නිසාදෝ වෙනදට වඩා ටිකක් ඇදෙන කතාවක අපි ගියා. ලංකාව ගැන තද කැක්කුමක් තියෙන, රටේ හිටපු ලොක්කෙක් ලොකු පුටුවකට ගේන්න සෑහෙන දරදිය ඇද්ද මගේ මිත්‍රයගෙන් "අපේ ...