Posts

මතකය රඳවන DTAs: ද්වි-කාර්ය ක්‍රියාකාරකම් (Dual-Task Activities)

Image
මතකය අඩුවීමේ අවදානම සීමා කරමින් බුද්ධිමය හැකියාව හා මතක ශක්තිය (Cognitive Health) දියුණු කරගත හැකි විද්‍යාත්මක උපක්‍රමයක් වන ද්වි-කාර්ය ක්‍රියාකාරකම් (Dual-Task Activities - DTAs) පිළිබඳව විමසා බලමු. ශාරීරික ව්‍යායාම විද්‍යාව තුළදී මෙය Simultaneous Cognitive and Exercise Training (SCET) ලෙසද හඳුන්වයි. මොනවාද මේ DTAs (Dual-Task Activities)? Dual-task activities are combined cognitive and physical activities performed intentionally and simultaneously. (දැනුවත්ව සහ එකවර සිදුකරනු ලබන කායික හා බුද්ධිමය/සංජානනීය ක්‍රියාකාරකම්වල එකතුවකි.) උදාහරණ: නර්තන අනුපිළිවෙලක් සිතින් මතක් කරගනිමින් නර්තනයේ යෙදීම. වේගයෙන් ඇවිදින අතරතුරේ ගණිත ගැටළු විසඳීම හෝ වචන අනුපිළිවෙලක් පසුපස සිට ඉදිරියට කීම (Reverse spelling / Counting backwards). සාර්ථක DTA එකක් සඳහා අත්‍යවශ්‍ය කරුණු 4ක් ප්‍රයෝජනවත් DTA ක්‍රියාකාරකමක් සම්පූර්ණ වීමට නම් පහත ලක්ෂණ සපුරාලිය යුතුය: Cognitive Challenge: බුද්ධිය, මතකය හෝ ස්මරණය වෙහෙසවන අභියෝගාත්මක සංජානනීය අංගයක් පැවතීම. Physical Component: ශාරීරික ව්‍යායාමයක් හෝ කායික ව...

ඩිමෙන්ෂියා අවදානමේ හැඩ: ජානමය බලපෑම්, පූර්ව ලක්ෂණ සහ මානසික පීඩනය

Image
ඩිමෙන්ෂියා සාත්තු සත්කාරයේදී ප්‍රජාව අතරින් නිරන්තරයෙන් මතුවන වැදගත්ම සායනික හා ප්‍රායෝගික ගැටළු ත්‍රිත්වයකට පිළිතුරු විමසා බලමු: 1. ඩිමෙන්ෂියාව සඳහා ජානමය (Genetics) බලපෑමක් තිබිය හැකිද? ඔව් , ඩිමෙන්ෂියාව ඇතිවීම කෙරෙහි ජානමය සාධක බලපෑම් කළ හැක. එහෙත් පවුලේ කෙනෙකුට ඩිමෙන්ෂියාව වැළඳුණු පමණින්, ජානමය සබඳතාවක් ඇති අනෙක් අයට අනිවාර්යයෙන්ම ඩිමෙන්ෂියාව වැළඳෙන්නේ නැත. ජානමය බලපෑම ප්‍රධාන අවස්ථා තුනක් යටතේ ක්‍රියාත්මක වේ: A) පරම්පරානුගත උරුමය (Inheritance): පරම්පරාවෙන් ලැබෙන ජානමය සාධක සහ පාරිසරික/චර්යාමය සාධක එකතු වීමෙන් අවදානම වැඩි විය හැක. කෙසේ වෙතත්, පාරිසරික සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් නිසි ලෙස පාලනය කරගතහොත් අවදානම අවම කරගැනීමට හෝ පමා කරගැනීමට හැකියාව පවතී. B) ජාන විකෘති වීම් (Genetic Mutations): මොළය තුළ ප්‍රෝටීන නිපදවීමට සහ ක්‍රියාකාරිත්වයට දායක වන PSEN1, PSEN2, සහ APP වැනි ජානවල සිදුවන හදිසි විකෘතිතා නිසා අසාමාන්‍ය ලෙස ඇමයිලොයිඩ් පට්ටිකා තැන්පත් වී ඩිමෙන්ෂියාව ඇතිවීම වේගවත් විය හැක. C) අවදානම් ජාන (Risk Genes - APOE): වඩාත් ප්‍රචලිත APOE-e4 වැනි අවදානම් ජාන උරුම...

ආදරේ රැකගන්න, නිදහසට මොහොතක්

Image
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය സാයනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ මානුෂීය සහකම්පනය ගොඩනැගීමටයි.) එදා බ්‍රහස්පතින්දා. වේලාව සවස දෙකයි පනහට පමණ විය. වැඩසටහන නිමා කිරීමට පෙර, සේවාලාභීන්ගේ භාරකරුවන් පැමිණ ඇත්දැයි බලා කෙටි කතාබහක යෙදීමට මා අමුත්තන්ගේ විවේක කාමරය (Family Lounge) දෙසට ගියෙමි. ජීවිතයේ මා දකින සංවේදීම මෙන්ම උණුසුම්ම ආදර බැඳීම් දරා සිටින බිරින්දෑවරුන් සහ දරුවන් කෝපි රස විඳිමින් සුහද කතාබහක නිරතව සිටියහ. "ආ... කොහොමද අපේ කට්ටිය? ඔය තව ටිකක් තියාගන්නකෝ! අපි එයාලව තියාගත්තනේ දශක තුන හතරක්ම!" ලෝරා නෝනා සුපුරුදු සිනහවෙන් යුතුව කෑගැසුවාය. "ඔව් ඔව්, කතාව ඉවර කරගන්න. එයාලා එළියට එන්නේ තව විනාඩි දහයකින්." මා සිනාසෙමින් පිළිතුරු දුන්නෙමි. මගේ වැඩසටහනේ රැඳී සිටින මේ පිරිමි සේවාලාභීන් අතර දකුණු ඇමරිකාවේ ජනප්‍රිය DJ වරයෙකු වූ අයෙක්, කැනේඩියානු රෝහල් පද්ධතියක කළමනාකාරිත්වය දැරූ මහත්මයෙක්, එලිසබ...

පාතරසය

Image
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය සායනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ මානුෂීය සහකම්පනය ගොඩනැගීමටයි.) අද අඟහරුවාදා, අපේ සේවා පරිසරය තුළ වඩාත්ම කාර්යබහුල මෙන්ම වර්ණවත් දවසකි. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින වෙන්වන්නේ ඩිමෙන්ෂියාවේ මධ්‍යම හෝ උග්‍ර මට්ටමේ (Moderate to Severe Dementia) සේවාලාභීන් වෙනුවෙනි. උදෑසන නවය වන විට තම ආදරණීය බිරිඳ හෝ සැමියා අපගේ සායනික සත්කාර වැඩසටහනට භාර දී, සාත්තු සත්කාරක සහකරුවන් අප සමඟ කෙටි කතාබහක යෙදී දවසේ වැඩකටයුතු සඳහා පිටත්ව යති. මේ, එලෙස තම බිරිඳ භාරදීමට පැමිණි විලියම් (William - සේවාලාභීන්ගේ පෞද්ගලිකත්වය උදෙසා නම් මනඃකල්පිත කර ඇත) මහතා මා සමඟ බෙදාගත් සිනහව සහ කඳුළු පිරි සංවේදී කතාවයි. උණුසුම් දිනයක අමුතු පාතරසය දිගු රැවුල අතගාමින් සිනහමුසු මුහුණින් විලියම් මහතා කතාව ආරම්භ කළේය: *"මයික්, මට ඔයාට කියන්න වෙනස්ම කතාවක් තියෙනවා. ගිය අඟහරුවාදා හරිම රස්නේ දවසක්නේ. මිදුලේ තණකොළ හොඳටම ව...

ඩිමෙන්ෂියා දැනුම ගනිමු, බෙදාගනිමු: පාසල් සහ අධ්‍යාපන ප්‍රජාව දැනුවත් කිරීම

Image
පාසල් සිසුවෙකු ලෙස, ගුරුවරයෙකු ලෙස හෝ උපකාරක පන්ති (Tuition) ගුරුවරයෙකු ලෙස, ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්‍රිත මානසික සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව පාසල් සහ අධ්‍යාපනික පරිසරය ආශ්‍රිත ප්‍රජාව දැනුවත් කළ හැක්කේ කෙසේදැයි විමසා බලමු. (මෙහි දක්වා ඇත්තේ මූලික අදහස් කිහිපයක් පමණි. ඔබේ පරිසරය, නිර්මාණශීලිත්වය හා අවශ්‍යතාව අනුව මීට වඩා වටිනා ක්‍රමවේද ඔබට ගොඩනගාගත හැක.) 1. සුහද සාකච්ඡාවක් හෝ ඉදිරිපත් කිරීමක් (Classroom Discussions) පාසල් සිසුන්ට: අන්තර්ජාලයෙන්, පිළිගත් සෞඛ්‍ය මූලාශ්‍රවලින් හෝ පොතපතින් ලබාගත් කරුණු විවේක කාලයේදී තම මිතුරු කණ්ඩායම සමඟ "පුංචි කතාබහක්" ලෙස බෙදාහදා ගැනීම. මේ ඔස්සේ තවත් උනන්දුවක් දක්වන මිතුරන් එකතු කරගෙන ඉදිරි පියවර සැලසුම් කළ හැක. ගුරුවරුන්ට: විෂය ඉගැන්වීමෙන් පසු හෝ විවේක කාලයේදී දරුවන් සමඟ සරලව මේ තත්ත්වය ගැන කතා කිරීම. විද්‍යා, සෞඛ්‍ය හෝ ජීව විද්‍යා පාඩමකදී හෝ පාසල් සමිතියකදී තම පවුලේ හෝ ප්‍රජාවේ අත්දැකීම් මුල් කරගනිමින් සංවාදයක් ගොඩනැගීම. 2. සැලසුම් කළ දේශනයක් සංවිධානය කිරීම (Guest Lectures & Seminars) ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ...

ආදරවන්තී

Image
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය තුළින් මා උත්සාහ කරන්නේ මගේ වෘත්තීය සායනික පරිසරය තුළ දිනපතා මා අත්විඳින, ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන්ගේ සැබෑ අත්දැකීම් ඔබ සමඟ බෙදාහදා ගනිමින් ප්‍රජා දැනුවත්භාවය සහ ධෛර්යය ලබා දීමටයි.) ඇයට අපි ජේන් (Jane) කියමු. වයසින් අවුරුදු හතළිස් නමයක් වන ඇය, මනෝවිද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හිමි, කලකට පෙර ගුරුවරියක් ලෙස තරුණ දරුවන් පිරිසකට අනාගතයට මඟපෙන්වූ, අද වන විට පිළිකාවක අතුරුඵල සමඟ සටන් වදින සිත ශක්තිමත් කාන්තාවකි. පාසල් කාලයේ හමුවූ පෙම්වතා (High School Crush), පසුව සැමියා බවට පත්වූ, අද දවසේ සැමියා මෙන්ම ප්‍රධාන සාත්තු සේවකයාද වන ෂෝන් (Sean) සමඟ සෞඛ්‍ය අභියෝග රැසක් මධ්‍යයේ ජීවත්වන ඉතාම ප්‍රියමනාප, සරල සහ සමාජශීලී කාන්තාවකි. ඇය අප වෙත සම්බන්ධ වන්නේ EOD (Early Onset Dementia - Frontotemporal Dementia / FTD) තත්ත්වය සමඟ ජීවත්වන සේවාලාභිණියක ලෙස සතිපතා චිකිත්සීය උපකාර ලබාගැනීමටයි. EOD තත්ත්වය තිබුණද තවමත් කතාබහ කිරීමට සහ තීරණ ගැනීමට මනා හැකියාවක් ඇති ඇය, නවීනතම ඉලෙක්ට්‍රොනික රෝද පුටුවකින් ගමේ බස් රථයෙන් අපේ වැඩසට...

Reminiscence Therapy: ස්මරණ චිකිත්සාව

Image
(මුලින්ම කිව යුතුයි "ස්මරණ චිකිත්සාව" යන සිංහල පදය යෙදුවේ මට හැඟෙන ආකාරයටයි. මෙයට මීට වඩා ගැළපෙන හඳුන්වාදීමක් ඇත්නම් සාදරයෙන් පිළිගනිමි.) Reminiscence Therapy හෙවත් Life Review Therapy යනු අද දවසේ මනෝචිකිත්සක සහ වැඩිහිටි සාත්තු සත්කාරක පරිසරය තුළ ඉතාමත් සාර්ථකව මෙන්ම බහුලව භාවිත වන අපූරු චිකිත්සීය ප්‍රතිකාර ක්‍රමයකි. මෙම චිකිත්සාව තුළදී පුද්ගලයෙකුගේ මතකය තුළ තැන්පත්ව ඇති අත්දැකීම්, විඳීම් සහ සංවේදන නැවත මතු කරමින්, සැලසුම් සහගත කාලයක් තුළ එම "අතීත සුවඳ" තුළ ජීවත් කරවමින් ප්‍රතිකාරාත්මක සහනයක් ලබා දේ. ප්‍රතිලාභ ලබන ප්‍රජාව: ඩිමෙන්ෂියාව සහ සංජානන දුර්වලතා සහිත පුද්ගලයන්, මානසික පීඩනය, විශාදය (Depression) සහ ආතතිය සමඟ ජීවත්වන අය මෙන්ම නිරෝගී වැඩිහිටියන්ගේ මානසික ප්‍රබෝධය (Wellbeing) සඳහාද මෙය ඉතා ප්‍රයෝජනවත් වේ. ක්‍රියාත්මක කරන වෘත්තිකයන්: Recreational Therapists, Occupational Therapists, සායනික මනෝවිද්‍යාඥයින් සහ මනෝචිකිත්සකයින්. ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අපගේ සායනික පරිසරය තුළ සෑම දිනකම අවම වශයෙන් පැයක කාලයක් මෙම ස්මරණ චිකිත්සාව සඳහා වෙන් කරනු ලැබේ. Remin...